
(සුජිත් හේවාජුලිගේ)
රට හැදීමට යම් කාලයක් අවශ්‍ය බවත් විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා මෙන් මවන්න බැරි බවත් නිවාස නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් මහතා සඳහන් කළේය
ජාතික ජන බලවේග ආණ්ඩුවට භාර ගැනීමට සිදුවූයේ ආර්ථිකය නැවතුණු රටක් යයිද ඔහු සඳහන් කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.
අවුරුදු 76ක්ම කිසිඳු ආණ්ඩුවක් ආර්ථිකය නැවතිලා බාර ගත්තේ නැහැ. රට හදන්න අපට කල් දෙන්න. විස්ව කර්ම දිව්‍ය පූත්‍රයා වගේ මවන්න බෑ. ඒවා නිකං සුරංගනා කතානේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර කල් දුන්නත් කැපෑසිටියක් නැත්නම් රට හදන්න බෑනෙ. පේනවනේ ලොක්කයි ඇමති කට්ටුවයි හාන හෑවිල්ල.
රට හදන කතා කියවන්න එපා මනුස්සයෝ, එතකොට මිනිස්සු ඔය ගැන නිතර අහයි. මේ අවුරුදු කීපයත් හොරු අල්ලනවා කිය කිය ඉමු.
රට ඉබේම හැදෙයි. හොර තක්කඩ් ටික අයින් කරන්න. සමාදානය නැතුව මුකුත් බෑ.
කොරෝනා එක්ක ආපු අර්බුදය සමඟ NGO සහ මලිමා නඩය එකතුවෙලා රටට කරපු හානියෙන් රට යම් තරමක් ගොඩ ගත්තේ රනිල් මහතා සහ මහබැංකුව එකතු වෙලා. ඒ ගොඩදාගෙන ආපු රට තමයි රැල්ලට යන අපේ ජනතාව පච ලොරි ගණන් ගිලලා මෙයාලාට බාරදුන්නේ. වැටිච්චි රටක් නොවෙයි බාර ගත්තේ...
මවනවා කියලා විතරයිද මන්දා නොකීවේ?
දූෂිතම පවුල් පාලන ආණ්ඩුවක් මහාපරිමාණ හොරකම් වංචා දූෂණ නාස්තිය කරලා,නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරපු රටක් කිව්වේ නම් ආසියාවෙ ආස්චර්‍ය කරනව කියලා . ජනතාව රවට්ටලා ,රටත් බංකොලොත් කෙරුවා .ඔය කියන තරම් ලෙහෙසියෙන් රට ගොඩ දාන්ඩ බැරුවා. අදූෂිත ජනතාවාදී ආණ්ඩවෙන් ජනතාවට යහපතක් වේවී .
කෝ ඉතිං කැපෑසිටි තියන අය කෙරුවාද ඕනෑකමක් තියන බව නම් පේනවා ඒ නිසා ටිකක් කල් දීලා බලමු...!
ආර්ථිකය නැගී එන රට බාරගෙන එම නැගීම ඔබලාගේ නොදැනුම සහ වැඩපිළිවෙළක් නැති නිසා ඉදිරි ගමන නැවතුණා.
අපේ කට්ටියට දීලා තිබිච්ච කාලේදී නම් ඕනෑවටත් වඩා රට කන්න කැපෑ සිටියක් තිබ්බා. තව ටික කාලයක් දුන්නානම්, ලංකාව කියන දුපත ලෝක සිතියමෙනුත් ඉවත්කරලා තමයි පස්ස බලන්නේ
එනකොට ආවෙ එක පෑන් පාරෙන් කරනවා.... පෝය දෙකෙන් කරනවා..... පැය 24න් කරනවා කියලා කියලා නේද?
යුද්ධ නැහැ, සුනාමි නැහැ, කෝවිඩ් නැහැ, ආර්ථික අර්බුද නැහැ, දැනුත් ඉතිං කෙඳිරි ගානවා නම් කටින් විතරක් වැඩ කරපු පඹයින් ටිකක් කියලා තමයි කියන්න වෙන්නේ...