(ඉන්දිකා රාමනායක)
මුල්ලේරියාව අංගොඩ හංදියේ දී අද (10) පස්වරුවේ මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයාගේ ජිප් රථයට පහර දී ගිනි තැබීමට තැත්කළ පිරිස් පලවා හැරීමට පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයකු තුවාල ලබා ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.
අඹතලේ ඉන්ධනපිරවුම් හල අසල දී ඊයේ (9) සවස පහර දී අලාභ හානි සිදුකර තිබු බස් රථයක් යුද හමුදාව විසින් මාර්ගයෙන් ඉවත් කිරීමට යාමේ දී ප්රදේශයේ පිරිස් එයට බාධා කර ඇති බවතයි.
පසුව පිරිස පෙට්රල් වක්කර එම බස් රථයට ගිනි තබා ඇති බවට යුද හමුදාව සිද්ධිය මුල්ලේරියාව පොලිසියට දැනුම් දී ඇත.
එම දැනුම් දීමෙන් අනුව පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක සුනිමල් සුසන්ත මහතා පොලිස් කණ්ඩායමක් සමග එම ස්ථානයට පැමිණි අවස්ථාවේ පිරිස පොලිසියට විරෝධය දක්වා ජිප් රථයට ගල්මුල් ප්රහාර එල්ල කර එයට ගිනි තැබීමට සුදානම් වු අවස්ථාවේ පොලිසිය වෙඩි තැබීම නිසා ඉහත පුද්ගලයා තුවාල ලබා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා සාමකාමි අරගල නොවෙයි . මෙම වෙඩි තැබීම සාධාරණ යි.