
(සුජිත් හේවාජුලිගේ)
ජාතික ජන බලවේගය කොළඹ නගර සභාවේ බලය එළඹෙන සති කීපයේදී පිහිටුවන බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවසීය
විපක්ෂයට තවම පත් කරන මන්ත්‍රීවරයා පවා සොයාගැනීමට නොහැකිව බංකොලොත්ව සිටින බවද ඔහු කීවේය
ස්වාධීන මන්ත්‍රීවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් පනස් නවයකට එහා ගිය මන්ත්‍රී සංඛ්‍යාවක් සහය ලබාදීමට එකඟ වී ඇති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා බල්තසාර් මහත්මිය නගරාධිපතිවරයා ලෙස ස්ථීරයෙන්ම පත්වන බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාගේ ඔය සුන්දර සිහිනය දවල් හීනයක් එහෙම වුනොත්, මාලිමාවට හතර විලි ලජ්ජාවක් ලැබෙන බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. ඒ නිසා කට චූට්ටක් වහගෙන ඉන්නකෝ කොළඹ නව නගරාධිපති දිවුරුම් දෙනකම් වත්...! දේශපාළුවෝ පේන කියන්න උපන් හපන්නු බව අමුතුවෙන් කියන්න ඕනෑද? ඒවා ඉතින් හරියන්නේ කොතරම් සුළු ප්‍රමාණයකින්ද?
ගොබ්බයනි, බලය ගන්න ගේම් ගහන්න ඕන නෑ. වැඩ කළා නම් මිනිස්සු උඩින්ම ඔයාලාට ඡන්දෙ දෙනවා. මේක මිනිස්සුන්ගේ අනතුරු ඇඟවීමක්...
සජබ දිනුවොත් අනිවාර්යයෙන්ම සල්ලි හුවමාරුවෙලා තමයි. මාලිමාව වගේ ප්‍රතිපත්ති දේශපාලනයක් ඒකෙ නෑ. ගෙම්බොයි, කැන්ගරුවෝයි, උසපනින, දුර පනින කට්ටිය ඉන්නේ.
දෙන්නෙ නම් නැහැ පුතේ...
මෙයත් අර අනිත් පක්ෂවල ඉන්න වාචාල හැතිකරේ වගේම කෙනෙක්... කවුද බන් මේ අයට ඡන්දෙ දීලා යැව්වේ...?
මේ සියලු උත්සාහයන් බලයට කෑදරකම මිස අන් කිසිවක් නොවේ.
ආපිකෝ එකෙන්ද පුටුව ගන්නේ
බොරු එපා මාලිමාව එකතු වුනාට 59යි, විපක්ෂයට 61 එක්සත් විපක්ෂය මගින් සජබේ නගරාධිපති පත් කරනවා එහෙම වුනේ නැත්තං මට රුපියල් කෝටි 100ක ලොතරැයි මුදලක් ලැබෙනවා මේ මාසේ.
එතකොට කොළඹ මහ නගර සභාව මියුසික් වීඩියෝ එකක් වෙලා ඉවර වෙයිද. ඔය සහෝදරිය පුරපති කරගන්න එතුමියගේ තිබෙන විශේෂ හැකියාවන් මොනවද.
මේ මාලුමාවේ ඉන්න ගොන් කතා කියන තවත් ගොන් නාම්බෙක්