IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


මාලදිවයින ගොඩ ගන්න ලංකාවෙන් පාඩම් ඉගෙන ගන්නවා

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් විදේශ අමාත්‍ය අබ්දුල්ලා කලීල් (Abdulla Khaleel) මහත්වරුන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවැත්විණි.

පසුගිය මැතිවරණ වලදී ජනාධිපති ප්‍රමුඛ වත්මන් රජය ලබාගත් ජයග්‍රහණ සම්බන්ධව මාලදිවයින් රජයේ සුබ පැතුම් එක් කළ විදේශ අමාත්‍යවරයා මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව රට වෙනස් වී ඇති ආකාරය සම්බන්ධව සතුට ප්‍රකාශ කළේය.

රටේ ඇති වූ ආර්ථික පසුබෑමෙන් අනතුරුව ශක්තිමත්ව නැඟී සිටීම ගැන පුදුමයට පත්වන බවත්, ආර්ථික අර්බුදයෙන් මාලදිවයින ගොඩනැඟීමට ශ්‍රී ලංකාවෙන් පාඩම් ඉගෙන ගනිමින් සිටින බවත් අබ්දුල්ලා කලීල් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

නිල සංචාරයක් සඳහා මාලදිවයින වෙත පැමිණෙන ලෙසට විදේශ අමාත්‍යවරයා ජනාධිපතිවරයාට ආරාධනාවක් ද කළේය.

දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට මාලදිවයින දක්වන සුවිශේෂී දායකත්වය පිළිබඳව ජනාධිපතිවරයා තම ප්‍රශංසාව ප්‍රකාශ කළේය. මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood Imad), විදේශ ලේකම් ෆාතිමත් ඉනායා (Fathimath Inaya), අමිනාත් අබ්දුල්ලා ඩිඩී (Aminath Abdulla didi) යන මහත්ම මහත්මීහු ඇතුළු ආරාධිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (12)

මාලදිවයින ගොඩ ගන්න ලංකාවෙන් පාඩම් ඉගෙන ගන්නවා

Asela Friday, 21 February 2025 10:17 AM

බංකොලොත් ජාතිය ප්‍රායෝගිකව යථා තත්ත්වයට පත් කරන්නේ කෙසේද යන්න පිළිබඳ දේශන ලබා ගැනීමට ඔබට අවශ්‍ය නම්, රනිල් සමඟ කතා කරන්න. පවතින තත්ත්වය පවත්වා ගන්නේ කෙසේදැයි දැන ගැනීමට ඔබට අවශ්‍ය නම්, AKD සමඟ කතා කරන්න. ඔබේ රට බංකොලොත් කිරීමට ඔබට අවශ්‍ය නම්, රාජපක්ෂ සමඟ කතා කරන්න. සංවර්ධනයක් හෝ ප්‍රගතියක් නොමැති නිෂ්ඵල කොමියුනිස්ට් පාලනයක් බවට මාලදිවයින ප්‍රායෝගිකව පත් කිරීමට ඔබට අවශ්‍ය නම්, NPP ආර්ථික මණ්ඩලය සමඟ කතා කරන්න. මාලදිවයිනට සුභ පැතුම්.

:       29       43

පුරවැසියා Friday, 21 February 2025 02:25 PM

හොරකම් කරන්න සහ කොමිස් ගහන විදිහ දැනගන්න අවශ්‍ය නම් මීට කලින් ආණ්ඩු කරපු අයගෙන් අහන්න.

:       10       7

ලුම්බිණි Friday, 21 February 2025 10:27 AM

ගොඩ යන්න ලංකාවෙන් පාඩම් ? විහිලු කරනවද ?

:       12       8

යෝගා Friday, 21 February 2025 10:46 AM

මෙයා වගේ කයියෙක්ගෙන් නම් ඉගෙන ගන්න මෙලෝ දෙයක් නෑ. ලංකාව බංකොළොත්බවින් නිදහස් කරගත්තු රනිල්ගෙන් ඉගෙන ගන්න

:       22       31

මෝල් දිවියාFriday, 21 February 2025 12:29 PM

අයියෝ යෝගා මාත්තියා. ඔයා රනිල් මාත්තියා ඔහොම ෙබාල්දු කරන්ට යෙපා..! අපි එයාගෙන් තව ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. මෙන්න ලිස්ට් එකෙං ටිකක්. 1. ඉලෙක්ෂන් 20 කට වැඩිය පරදින හැටි (රෙදි ඇඳගෙන) 2. අවුරුදු පහළොවක්, විස්සක් විපක්ෂයේ ඉන්න හැටි 3. වධකාගාර පවත්තගෙන යන හැටි 4. කොල්ලෝ කෙල්ලෝ 60,000ක් දස වද දීලා මරණ හැටි 5. මහ දවල් මහ බැංකු මංකොල්ල කන හැටි 6. උපදේශකයෝ (සමහරක්ට මෙලෝ සුදුසුකමක් නැති) 92 ක් පත්කරගෙන මහජන මුදලින් නඩත්තු කරන හැටි 7. කෝටි ගණනක කජු කන හැටි 8. කෝටි ගණන් හොර වන්දි ගෙවන හැටි 9. ඡන්ද කල්දාන හැටි (නීති විරෝධීව) 10. දවස් තුනේ චීන සංචාරෙට, කෝටි ගාණක් දීලා චීන උපදේශකයෙක් පත්කරගන්නා හැටි... තව ගොඩක් තියනවා යෝගා මාත්තියා…, ලියන්න ලැජ්ජයි, දැනට බායි…!

:       27       12

JayasekaraFriday, 21 February 2025 12:50 PM

ඔව් අපි දැක්කා රනිල් අරගලයෙන් වැනසුණු මැති ඇමැතිලාට දීපු වන්දි පාස් කරපු හැටි. මොවුන් තව හිටියා නම් අපිවත් මරාගෙන විකුණන් කනවා. පැරදිච්චි එකම තමයි හොඳ.

:       23       11

ප්‍රියන්තFriday, 21 February 2025 02:32 PM

ඇයි අනේ යෝගා…, අසරණ දුප්පත් කෝටිපතියන්ට ජනාධිපති අරමුදලෙන් කෝටි ගණං දෙනහැටි, යසට තිබුණ පක්ෂයක් දෙකට කැඩෙන තැනට ගෙනත් කාබාසිනියා කරන හැටි. අපි ඒවත් උගන්නමු.

:       15       4

nihal Friday, 21 February 2025 11:15 AM

අසේල ගොන් හිවලෙක්

:       17       5

Gunendra Friday, 21 February 2025 11:37 AM

මාලදිවයිනේ කෙනා "කොමා" තත්ත්වයකින් පසුවූ අයෙක්ද?

:       4       11

පම්පෝරි ජනක Friday, 21 February 2025 11:44 AM

මාලදිවයිනත් බංකොලොත් ද ලංකාව වගේ ? ලංකාව නම් අයිඑම්එෆ් එකට උකස් තියන් තියෙන්නේ , රටක් බංකොලොත් කරන හැටි ඉගෙන ගන්න ඕනේ නම් විතරක් රනිල්ගේ යහපාලන කාලයයි ,මහින්ද පවුලේ සෞඛභාග්‍ය දැක්මයි හොඳින් අධ්‍යයනය කරන්න

:       15       5

Janitha Friday, 21 February 2025 11:55 AM

අම්මෝ ඉතින් මුලු ජිවිතේ ම පචම තමයි

:       4       19

Nandana Saturday, 22 February 2025 08:55 AM

මාලදිවයිනට අබ සරණයි..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 831 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2474 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1779 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site