
(දමිත් වික්‍රමසේකර සහ විමුක්ති එස්. රුද්‍රිගු)
නියමිත මිලට වඩා අඩුවෙන් මිල සඳහන් කරමින් මෙරටට ගෙන්වා ඇති සුඛෝපභෝගී සහ මුල් තත්වයට ප්‍රතිස්ථාපනය කළ වාහන 300ක් පමණ එම වාහන ගෙන්වා ඇති රටවල්වලට ප්‍රති අපනයනය කිරීමට තීරණය කර ඇතැයි ජ්‍යෙෂ්ඨ රේගු නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
වාහන ආනයනය කිරීමේදී වංචාවක් සිදුව ඇති බවට රේගුව අනාවරණය කර ගැනීමෙන් පසුව මෙම තීරණයට එළැඹ ඇත.
තෙවැනි රටක ලිපිගොනු මත මෙම වාහන ගෙන්වා ඇති බවට පුළුල් විමර්ශනයකින් අනාවරණයවීමෙන් පසුව මෙම වාහන තොගය නිදහස් කිරීම රේගුව අත්හිටුවා තිබෙන බව ද එම නිලධාරියා ප්‍රකාශ කළේය.
නිදහස් කිරීම් අත්හිටුවා ඇති වාහන තොගයෙන් වාහන බොහොමයක් මෙරටට ගෙන්වා ඇත්තේ ජපානයෙන් වුවත් ඊට අදාළ ණයවර ලිපි විවෘත කර ඇත්තේ සිංගප්පූරුව සහ ඩුබායි වැනි තෙවැනි පාර්ශ්වයේ රටවල බැංකුවලින් බවත් රේගු ආරංචි මාර්ග පැවැසුවේය.
එමගින් එම වාහනවල සැබෑ මිල ගණන් වෙනස් වී තිබෙන බව ද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
මෙරටට ගෙන්වන වාහනයක් නැව්ගත කිරීමට පෙර සිදු කරන පූර්ව පරීක්ෂා කිරීමේ සහතික මෙරටට එවිය යුත්තේ වාහනය නැව්ගත කරනු ලබන රටේ බැංකුවක් විසිනි
එහෙත් රේගුව කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ජපාන බැංකු පූර්ව පරීක්ෂා කිරීමේ සහතික අනුමත කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවයි. ඊට හේතුව වී ඇත්තේ එම වාහනවල බිල්පත්වල සඳහන් මිල සහ වෙන්දේසියේදී සඳහන් මිල අතර වෙනසක් තිබීම වන අතර ඒ හේතුවෙන් විමර්ශනවලදී එම වාහන තොගය මෙරටට ගෙන්වා ඇත්තේ නියමිත මිල සඟවමින් බවට රේගුවට සැකයක් මතුවූ බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
නිදහස් කිරීම අත්හිටුවා ඇති වාහන තොගයේ සැබෑ වටිනාකම සඳහන් කර ඇති මිලට වඩා විශාල වශයෙන් වැඩි බව රේගුවේ විශ්වාසය බවත් ඒ හේතුවෙන් වාහන තොගය පිළිබඳව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග මොනවාදැයි ආනයන පාලකවරියගෙන් විමසා සිටි බවත් ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අවස්ථාවේ වාහන නිදහස් කිරීමට බලාපොරොත්තු නොවන බවත් පවතින නීතිය යටතේ එම වාහන ගෙන්වූ ආනයනකරුවන්ට දඩ පැනවීම සිදු කළ නොහැකි බවත් ආරංචි මාර්ග පැවැසුවේය.
ඒ හේතුවෙන් එම වාහන සම්බන්ධයෙන් ගත හැකි එකම පියවර වන්නේ එම වාහන ගෙන්වූ රටට ඒවා ප්‍රති අපනයනය කිරීම බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
මේ අතර භාණ්ඩාගරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු ප්‍රකාශ කර සිටියේ වාහන ගැටලුව සම්බන්ධයෙන් භාණ්ඩාගාරය ද දැනුවත් බවත් මහා භාණ්ඩාගාරය එම වාහන ගෙන්වූ රටට ප්‍රති අපනයනය කරන ලෙස රේගුවට සහ ආනයන පාලකවරිය දැනුම් දෙනු ඇති බවත්ය.
වාහන ආනයනකරුවන් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ වාහන ආනයන කිරීම සම්බන්ධයෙන් 2013 වසරේදී නිකුත් කළ ගැසට් පත්‍රයේ ඇති නිර්වචනයක් පැහැදිලි නොවීම හේතුවෙන් වාහන 300 ක් පමණ වාරයේ සිරවී තිබෙන බවත් වාහන ආනයනය කරන රටේ බැංකුවෙන් වාහනයේ සහතික අනුමත කර තිබිය යුතු බව සඳහන් වීම ඊට හේතුව බවත්ය.
එම ගැසට් පත්‍රය හේතුවෙන් වාහන 300 ක් පමණ වාරයේ සිරවී තිබෙන බවත් තවත් වාහන සිය ගණනක් මෙරටට පැමිණීමට නියමිත බවත් වාහන ආනයනකරුවෝ එහිදී ප්‍රකාශ කළහ.
දශකයකට වැඩි කාලයක සිට වාහන ආනයනකරුවන් මෙලෙස වාහන ආනයනය කළ බවත් මේ අවස්ථාවේ රේගුව 2013 වසරේ නිකුත් කළ ගැසට් පත්‍රයට අනුව කටයුතු කිරීමට තීරණය කර ඇත්තේ ඇයිදැයි නොදන්නා බවත් වාහන ආනයනකරුවෝ පැවැසූහ.
ඒ හේතුවෙන් වාහන ආනයනකරුවන්ට මූල්‍ය අවිනිශ්චිතතාවලට මුහුණ දීමට සිදුව ඇති බවත් ඒ හේතුවෙන් ගෙන්වා ඇති වාහනවලට ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව ඇති බවත් ඔවුහු පැවසූහ
මෙම ගැටලුව සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ද දැනුවත් කර තිබෙන බව වාහන ආනයනකරුවෝ ප්‍රකාශ කළහ.
වංචනික ලෙස අවතක්සේරු කිරීම හරහා සැලකිය යුතු බදු පැහැර හැරීම් සිදු කිරීම වැළැක්වීමේ පියවරක් ලෙස වාහන ආනයනය කිරීම සඳහා තෙවැනි පාර්ශ්වයේ රටක ණයවර ලිපි විවෘත කර ඇති අවස්ථාවලදී වාහන ආනයනය කරන රටේ බැංකුවක් වාහනයේ සහතික අනුමත කර නොමැති විට එවැනි වාහන නිදහස් නොකිරීමට රේගුව තීරණය කළ බව පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී එහි නිලධාරීහු ප්‍රකාශ කළහ.
එහි අරමුණ රජය බිලියන ගණනක බදු ආදායමක් අහිමිවීම නතර කිරීම බව ද රේගුව පැවැසුවේය.
තෙවැනි පාර්ශ්වයේ සිංගප්පූරු සහ ඩුබායි වැනි රටවල පිහිටි බැංකු ණයවර ලිපි විවෘත කර ඇතත් වාහන ආනයනය කරන ජපානයේ බැංකුවක් වාහන සහතික අනුමත කර තිබිය යුතු බව රේගුව ප්‍රකාශ කළේය.
ජපාන බැංකු සහතික අනුමත කිරීම ප්‍රතික්ෂේප කර ඇත්තේ මිලදී ගත් මිලට වඩා අඩු මිලක් සහතිකවල සඳහන්ව තිබීම හේතුවෙන් බවත් ඇතැම් ආනයනකරුවන් බදු වංචා කිරීම සඳහා මෙම ක්‍රමය යොදා ගන්නා බවත් රේගුව පැවැසුවේය.
ජපානයේ බැංකුවක් ණයවර ලිපි විවෘත කළහොත් මිලදී ගත් නියම මිල සඳහන් කිරීමට සිදුවන බව ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ ලංකාවේ වාහන සිහිනය නම් දැන් ශුවර් අපිට...
මෙම වංචනික ක්‍රියාව කළ ආයතනවල නම් ගම් කරුණාකර ප්‍රකාශ කරන්න. මොකද මේ අය තමයි පසුගිය මාස කීපයක සිට මාධ්‍ය සංදර්ශන තියලා වංචනික ලෙස වාහනවල සැබෑමිල අධික ලෙස වෙනස් කළ අය, පරණ සෙල්ලම් දැන් කරන්න බැහැ නේද..?
2013 ගැසට් එකට අනුව වැඩ කරන්නේ ඇයි දන්නැහැලු, ආනයකරුවෝ බබාලා. ගැසට් තියෙන්නේ ඒ අනුව කරන්න. නන්දසේන වගේ රිවස් කර කර ඉන්න නොවේ.
ලංකාවේ අංක එකේ වාහන සෙල්කාරයෝ කරන හොර මගඩි තමයි. නැත්නම් දැන් තියෙන මිලට 50% අඩුවෙන් වාහනයක් ගන්න පුළුවන්.
මෙයාලා කළේ නීතියේ පැත්තකින් තබාගෙන, සිංගප්පූරු සහ ඩුබායි බැංකු වලින් තමන්ට කැමති විදිහට අඩු මිලවල් වලට LC විවෘත කිරීමයි. එම නිසා ලංකාවේ බදු ගහන්නේ ඒ අඩු මිලටයි. නමුත් ජපානයේ ඔක්ෂන් වලදී නම් චන්ඩි වගේ තරඟ කරලා ලොකු මිල ගණන් වලට වාහන ගන්නවා. ඒකෙන් සිදුවෙන්නෙ — ජපානයෙන් හරි මිලක් සදහන් කරලා වාහනයක් ගන්න කෙනෙක්ට වැඩිපුර බද්දක් වැදෙන එකයි. මෙයාලා අඩු බද්දක් ගෙවා ලොකු ලාභයක් ලබන එකයි. මෙයාලා කරන වංචාවට ජපන් කලුද, සුදුද කියලාවත් බලන්නේ නැතුව