
( එච්. චන්දන )
මාරවිල - මූදුකටුව ප්‍රදේශයේදී මුහුදේ දිය නෑමට ගොස් අතුරුදහන් වූ පාසල් සිසුවාගේ සිරුර අද(28 ) පෙරවරුවේ එම ස්ථානයටම ගොඩ ගසා තිබියදී ප්‍රදේශයේ ධීවරයින්ට හමුවු බව මාරවිල පොලසීය කියයි.
මාරවිල - මූදුකටුව පදිංචිව සිටි නිසංසල පුෂ්ප කුමාර (අවු:16) නම්වූ පාසල් සිසුවෙක් මෙලෙස මිය ගොස් ඇත.
ඊයේ සවස 5.45 ට පමණ පාසල් සිසුන් සිව් දෙනෙකු මාරවිල - මූදුකටුව ප්‍රදේශයේදී මුහුදේ දිය නෑමට ගොස් ඇත.මුදුදේ දිය නාමින් සිටි පාසල් සිසුන් දිය වැළකට හසුවී ගසා ගෙන යන අතර තුර ඉන් තිදෙනෙකුව ප්‍රදේශයේ ධීවරයින් විසින් බේරා ගෙන ඇත.එක් අයෙකු බේරා ගැනීමට නොහැකිව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd