
ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනයේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මොරටුව විශ්වවිද්‍යාලය සහ ඩී.පී. පදනම Dhammika & Priscilla Perera (DP Foundation) අතර විවෘත මාර්ගගත තොරතුරු තාක්ෂණ පාඨමාලා සංවර්ධනය සහ බෙදාහැරීම සඳහා සහයෝගිතාව ලබා දීමෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය.
මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන පරමාර්ථය වන්නේ ශ්‍රී ලංකාව තුළ සිටින්නා වූ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ලෝලීන් සඳහා නොමිලේ ඉගෙනීමේ අවස්ථා සඳහා ප්‍රවේශයක් ලබා දීමයි. ඩී.පී. පදනම එහි ඩී.පී. එඩියුකේෂන් (DP Education) අංශය හරහා මොරටුව විශ්වවිද්‍යාලය වෙත මෙම නව මුලපිරීම තුළ මාර්ගගත පාඨමාලා නිෂ්පාදනය සඳහා අවශ්‍ය අරමුදල්, මානව සම්පත් ඇතුළු සියලුම පහසුකම් සපයනු ලැබේ.
මේ වනවිටත් යූ ටියුබ් වෙබ් අඩවිය තුළ දියත් කර ඇති “යුනිවර්සිටි ඔෆ් මොරටුව - බිට් ඔන්ලයින් යූ ටියුබ් නාලිකාව හරහා සියලුදෙනාට මැතමැටික්ස් ෆෝ අයි.සී.ටී. වෙබ් ප්‍රෝග්‍රෑමින් ඩේටාබේස් මැනෙජ්මන්ට් සිස්ටම්ස් සහ අයි.සී.ටී. ඇප්ලිකේෂන්ස් වැනි විෂය ධාරා නොමිලේ අධ්‍යයනය කිරීමට පහසුකම් සලසා ඇත.
ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා යුවළගේ පරිත්‍යාගශීලී මුලපිරීමක් වන ඩී.පී. පදනම දැනුම පදනම් කරගත් සමාජයක් බිහිකිරීමට මෙන්ම සෑම ශ්‍රී ලාංකිකයකුගේම කුසලතා වැඩිදියුණු කිරීම උදෙසා කැපවී සිටී.

2025 දෙසැම්බර් මස 18
62
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
135
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මොරටුව විශ්වවිද්‍යාලය සහ DP පදනම අවබෝධතා ගිවිසුමක
චරක Wednesday, 26 January 2022 11:35 PM
සැබෑ නිදහස් අධ්‍යාපනය. විශිෂ්ඨ ඇරඹුමක්..!