
(විමුක්ති එස් රුද්‍රිගු)
තවමත් සෑම ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු දුප්පත්කමින් පීඩා විඳින බවත් මෙරට පවුල්වලින් තුනෙන් එකකට පෝෂ්‍යදායී ප්‍රමාණවත් ආහාර ලබා ගැනීමට නොහැකි වී තිබෙන බවත් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ලෝක බැංකු කළමණාකාරු ගෙවෝර්ග් සාර්ගසියාන් මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
ආර්ථික ස්ථාවරත්වය සහ ආර්ථිකය යථා තත්වයට පත්කිරීම යනු කරුණු දෙකක් බවත් බොහෝ ශ්‍රී ලාංකිකයන්ට එම වෙනස දිනපතා වැටහෙන බවත් ඔහු පැවැසුවේය. වැටුප් තල යථා තත්වයට පත්වෙමින් තිබුණත් බොහෝ පුද්ගලයන්ගේ වැටුප තවමත් ආර්ථික අර්බුදයට කලින් තිබූ තත්වයට පැමිණ නැති බවද ලෝක බැංකු කළමණාකාරවරයා ප්‍රකාශ කළේය. තවමත් රැකියා වෙළෙඳපොළ සාමාන්‍ය තත්වයට පැමිණ නැති බවත් විශේෂයෙන් කාන්තාවන්ට එය දැනෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාව වලෙන් ගොඩට පැමිණ ඇති නමුත් මෙරට ආර්ථිකය යථා තත්වයට පත්කිරීමේ ගමන් තවමත් අවසන්වී නොමැති බවද ඔහු පැවැසුවේය. දිට්වා සුළි කුණාටුව සහ මැද පෙරදිග අර්බුදය ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්වයට පත් කිරීමට යන ගමන අසීරු කර තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය. ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ ගමන් මාර්ගයේ මීළඟ අදියර වඩාත් වැදගත් වන්නේ එමනිසා බවද ඔහු පැවැසුවේය.
මෙරට ලබාගෙන ඇති ආර්ථික ප්‍රගතිය පුද්ගලයින්ගේ එදිනෙදා ජීවිතයට දැනෙන බව සහතික කරන අතරතුර ශ්‍රී ලංකාව ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළේය. ඒ සඳහා පුද්ගලික අංශය ප්‍රමුඛතාවය ගත් රැකියා උත්පාදනය කඩිනම් කළ යුතු බවද සාර්ගසියාන් මහතා පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර පහෙන් තුනක්. හැබැයි වැඩියෙන්ම සැප විඳල වැඩිම කාලයක් ජීවත්වෙන්නේ දේශපාලුවෝ කියල ඊයේ පෙරේදා හෙලිවුනා.