IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මෙරට නිල සංචිත ඩොලර් බිලියන පහ පනියි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ නිල සංචිත අප්‍රේල් මාසය අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 5.43 දක්වා වැඩි වී ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (07) පැවැති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

මාර්තු මාසය අවසන් වන විට මෙරට නිල සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 4.96 ක් වූ බවත් ඒ අනුව අප්‍රේල් මාසය අවසන් වන විට මෙරට නිල සංචිත මිලියන 400 කින් පමණ වැඩි වී ඇති බවත් මහ බැංකු අධිපතිවරයා එහිදී පැවැසුවේ ය.



අදහස් (16)

මෙරට නිල සංචිත ඩොලර් බිලියන පහ පනියි

Prabha Tuesday, 07 May 2024 02:58 PM

එත් එක්කම කියන්න ගෙවන්න තියෙන ණ ප්‍රමාණය ගැනත්

:       48       103

බුද්ධික Tuesday, 07 May 2024 04:49 PM

ඇත්තටම ඒකත් එක්කම කිව්වා නම් හැටනව ලක්ෂයේ පිරිස තේරුම් නොගත්තා වුණත් අනෙක් පිරිස් තේරුම් ගනීවි විශේෂයෙන් අපි ආවොත් අරක කරනවා මේක කරනවා කිව්වම ණය ප්‍රමාණය ගැන දැනුවත් වුණත් කොහොමද කරන්නෙ කියලා ප්‍රශ්න කරන්න පුළුවන් වෙනවා විවාදයක් කලොත් බුද්ධිමත් පිරිසක් ප්‍රශ්න කරන නිසා රට වැසියන්ට රටේ තත්වය තේරුම් ගන්න පුළුවන් වේවි

:       0       7

අමරTuesday, 07 May 2024 05:14 PM

කියන්න අවශ්‍ය නෑ පම්පෝරි ගැහැවම ළඟදිම ණය දුන්න උන් මහබැංකුව වටලන්න කලින් ගෙවන්න වෙයි

:       7       5

ජයනාත් Tuesday, 07 May 2024 03:10 PM

අපේ ආදායම් මෙතන කීයක් තියෙනවා ද . චීනෙ 1.5 යි...ලෝකෙ බැංකුව ණයට දීපුවත් එක්ක නේද මේ... අපි කාගෙන් හරි ණයට අරගෙන අපේ බැංකු පොතේ දාගෙන මට ලක්ෂ 50 තියෙනව කිව්වා ම හරිද..

:       0       2

සුපුන් චාමර Tuesday, 07 May 2024 03:11 PM

මම ඉස්සර හිතන් හිටියේ හොද මිනිහෙක් කියලා. කයිවාරු පප්පෙක්. සංචිත වැඩි උනාට ණය වැඩි උන එක කිව්වෙ නෑ නේද. ණය ගෙවන්නෙ නෑති එකත් කිව්වෙ නෑ. තමන්ගෙ පඩිය විතරක් වැඩි කරගත්ත කුහකයෙක්. දේශපාලන ඝට්ටැඹියෙක්

:       0       2

amila Tuesday, 07 May 2024 03:19 PM

රට ඉන්න අපිට ඩොලර් වලින් ටැක්ස් එක අය කරගෙන ජපන් වාහනයක් දාන්න අවස්තාවක් දෙන්න.තව සංචිත වැඩි කරගන්න පුළුවන් ඉක්මනින්

:       0       1

Hafeel Tuesday, 07 May 2024 03:38 PM

ඒ කියන්නේ ගත්තු විදේශ ණය නොගෙවා මේ ප්‍රමාණය වැඩි වෙලා. මේ කතා කියන්න හොඳයි කුඩා දරුවන් නිදි කරවන්න.

:       0       3

Rohan Tuesday, 07 May 2024 03:53 PM

මහ බැංකුවල අයගේ තව ටිකක් පඩි වැඩි කරගමුද ?

:       0       2

Jayantha Tuesday, 07 May 2024 04:05 PM

රටේ පාලකයා හොරා කනකොට, වැටුන රට ගොඩගන්න රට ගිහින් ඩොලර් එවපු පුරවැසියන්ට ස්තූතියි. එහෙම නැතිව මේ පාලකයෝ කොරපු දෙයක් නෑ.

:       0       2

End Game @ Tuesday, 07 May 2024 04:25 PM

අපේ බදු වලට පිං සිද්ධ වෙන්න

:       0       2

සිල්වා Tuesday, 07 May 2024 04:47 PM

එහෙම නම් ණය ටික ටික හරි ගෙවීමට පටන් ගත්තොත් වැඩිවන පොලිය බේරගන්න හැකියි.

:       0       1

Thushara Tuesday, 07 May 2024 05:54 PM

ශ්‍රී ලංකාවේ ජාතික ණය 2022 දී, 2021 ට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් බිලියන 32.5 කින් (සියයට 54.25) වැඩි විය. 2022 එක්සත් ජනපද ඩොලර් බිලියන 92.43 ක් , ජාතික ණය එහි ඉහළම අගයට ළඟා විය.

:       30       6

chandima Tuesday, 07 May 2024 06:55 PM

එහෙනම් පහුවෙලා ඡන්දේ තියන්න සල්ලි නැ කියන්න බෑනේ... ඒ වගේම සෑහෙන පිරිසකට හාල් බෙදාගන්නත් පුළුවන් නේද?

:       18       7

Nihal Tuesday, 07 May 2024 08:50 PM

බීල් ගේට් ගෙන් බිලියන 5 ක් ගමු,අනිත් බිලියනපති ලගේ නම් මතක් වුණාම කියන්නම්

:       17       5

Perera Wednesday, 08 May 2024 01:00 AM

ණය ගෙව්වාම රට තමා බංකොලොත්

:       0       34

latha Wednesday, 08 May 2024 09:05 AM

ණය ගෙවන්නේ නැතුව හිටියාම බිලියන සීයත් පන්නන්න පුළුවන්... හැබැයි රට තාමත් බංකොලොත් .... මරු තියරි

:       15       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 448 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site