(ගයාන් සූරියආරච්චි)
ලෝක කම්කරු දිනය නිමිත්තෙන් පැවැත්වෙන මැයි 01 දින පෙළපාලි සහ මැයි දින රැළි වෙනුවෙන් දිවයින පුරා පොලිස් නිලධාරීන් 9000 කට වැඩි සංඛ්‍යාවක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසීය.
ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 350 ක් යොදවන අතර අවශ්‍ය වුවහොත් යුද හමුදාව ද කැදවන බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
දිවයින පුරා මැයි රැළි 40 ක් පැවැත්වෙන අතර කොළඹ ප්‍රදේශයේ මැයි රැළි 14 ක් පැවැත්වෙන බවත් ඒ සදහා බස් රථ 6800 ක් පමණ කොළඹට පැමිණීමට බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
කොළඹට පැමිණෙන රථවාහන හැසිරවීමට රථවාහන නිලධාරීන් 1200 ක් පමණ යෙදවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියත් වෙනම මැයි රැළියක් වගේ