ජනතා විමුක්ති පෙරමුණේ ජාත්‍යන්තර කම්කරු දිනය සැමරුම් උත්සවය කොළඹ පැලවත්තේ පිහිටි එම පක්ෂ මුලස්ථානයේදී අද (1) පැවැත්විණ.
‘ජනතාවාදී පාලනයක් උදෙසා ජනබලය ගොඩනගමු’ යන තේමාව යටතේ පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත, අන්තර් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ යන මහත්වරු ද පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෝ පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වුහ.
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)






ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ කම්කරු දින සැමරුම කෝට්ටේ නගර සභා ශාලාවේ දී අද (01) විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන් ගියාම මේක සමරන්න ඕන වෙලා තියෙන්නේ මහජනතාවට වඩා දේශපාලුවන්ට.....
කිසිම වැඩක් නැති රතු අලි පැටව් ටික
පස්වෙනි පින්තුරයේ සිටින්නේ රතු අලි පැටියෙක්ද?
චමත් ඔබේ නායකයා වන මහින්ද මහත්තයට මම ගරු කරනවා. මොකද මොන දේ කළත් එ්වාට සමපාත නොවන ලොකු හොඳක් එතුමා කළා. හැබැයි එතුමා වටේ ඉන්න කට්ට කෛරාටික, වෙට්ට පිත්තල, අසමත්ජාති චෞරයෝ රංචුව ඔබට හොඳයිද? මහින්ද මහත්තයගේ දේශපාලනය නැමැති දේහයේ බලු මැක්කන් සේ එල්ලී ලේ උරා බී ඔහුගේ දේශපාලනය නැමැති දේහය විනාශ කලේ ඔවුන්ය. හොඳ පිරිවරක් හිටියා නම් එතුමට ඔහොම වෙන එකක් නෑ.
රටේ දුප්පත් ජනතාවගේ සම්පත් හොරාකාගෙන කෝටිපතියන් වී ඉන්න රාජපක්ෂලා වීරවංශලා කොහොමද... කම්කරු දින පවත්වන්නේ?
අනේ අපොයි. අබුද්දස්ස කාලේ ලබුත් පැණි රහලු.
ප්‍රවුර්ති වලින් දැක්කෙනම් කම්කරු අයිතීන් පැත්තක තියල මෙතනදීත් සමහරු බොරදියේ මාළු බාන්න උත්සාහ කරන අන්දමයි. හරිම කැතයි.
මෙයාලගෙ ලැජ්ජාව වහ ගන්න දැන් බොරදිය නැතුවම බෑ වගෙයි මට පේන්නෙ. කලින් මේවා ගැන කියනකොට සංහිඳියාවට මුවා වෙලා ජාතිවාදයක් ඇද ගත්තා ..දැන් බොරදියේ මාලු බානවලු..
මේවා විහිලු. රටට ලෝකෙට කිසිම වැඩක් නොකරපු මහජන පඩි සහ වරප්‍රසාද කාපු අය අඩි හප්පගෙන කෑ ගහන්නේ? මෙයා මොකක්ද රටට කලේ? සාරි පොටවල් සහ සාටක අස්සේ හැංගිලා පඩි ගත්ත එකනේ කලේ.