(කේ. බුද්ධික කුමාරසිරි)
හෝමාගම මාකුඹුර ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටියදී විස ශරීරගතව මිය ගිය බව කියන දර්ශනවාදී දේශකයෙකු වූ රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැත්තා ගේ දේශන වලට සහභාගී වෙමින් ලගින්ම ඇසුරු කළ තවත් දෙදෙනෙකු ද විස ශරිරිගතවීමකින් මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි
මෙලෙස මිය ගොස් සිටින තරුණයා සහ තරුණිය දේශකයාගේ අවමංගල්‍ය කටයුතු සිදුකල මාලබේ පිට්ටුගල තුන්අදහේන ප්‍රදේශයේ නිවසේ නතර වී සිටිමින් අවමංගල්‍ය කටයුතු වලට සහභාගී වී සිට ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි
එලෙස මියගොස් ඇත්තේ යක්කල රාසල් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි විශ්ව විද්‍යාල සිසුවියක් බව කියන තරුණියක සහ අම්බලන්ගොඩ තිවොල්පුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 34 හැවිරිදි තරුණයෙකි
එම තරුණයා මහරගම පරණ පාර ප්‍රදේශයේ නවාතැන්පොළකදී මියගොස් ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග පවසයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පටසිරි, මූට දර්ශන වාදියෙක් කියන්න තරම් ලංකාදීප කර්තෘ මණ්ඩලය අන්ධ භූත ද? මේ වගේ බූරු ජනමාධ්‍යවේදීන් මොකටද?