(යොහාන් භාසුර)
මෙම වසරේ (2023) මැයි මස අවසන් වන විට මෙරටට සීනි සහ රසකැවිලි ආනයනය සඳහා ඩොලර් මිලියන 220.5 ක් වැයකර ඇති බවත් එය පසුගිය වසරේ පළමු මාස පහ සමඟ සංසන්දය කිරීමේදී සියයට 123 කට අධික වැය ඉහළ යෑමක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

පසුගිය වසරේ (2022) පළමු මාස පහතුළ සීනි සහ රසකැවිලි ආනයනට  ඩොලර් මිලියන 98.6 ක් පමණක් වැය කර ඇති බව ද මහ බැංකුව කියයි.

මෙම වසරේ මැයි මාසයේ පමණක් මෙරටට සීනි හා රසකැවිලි ආනයනය සඳහා ඩොලර් මිලියන 59.8 ක් වැයකර ඇති අතර පසුගිය වසරේ මැයි මාසයේ එම වියදම ඩොලර් මිලියන 12.8 ක් පමණක් බවත් එම වියදම 2022 වසර සමඟ සැසඳීමේදී සියයට 367 කට වැඩි වර්ධනයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් සඳහන් කරයි.