ඩයනා උදයංගනී
තමන් ජාතියට ණය නැති බවත්, ආධ්‍යාත්මික අධිෂ්ඨානයක් ඇති තනි පුද්ගලයකුට සමාජයක් වෙනස් කළ හැකිය යන ආදර්ශය තමන් රටට ලබාදුන් බවත් දින හතරක උපවාසය අවසන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි, යන මහත්වරුන් එම තනතුරුවලින් ඉල්ලා අස්වූ බවට ලැබුණු දැනුම්දීම අනුව තමන් උපවාසය අවසන් කිරීමට තීරණය කළ බව ද උන්වහන්සේ කීහ.
රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා ඉවත් කළ හැක්කේ ජනාධිපතිවරයාට නොව අගමැතිවරයාට බව කී රතන හිමියෝ අගමැතිවරයා එම ක්‍රියාමාර්ගය නොගතහොත් පාර්ලිමේන්තු ක්‍රියාදාමයක් මගින් ඔහු ඉවත් කිරීමට කටයුතු කරන බව ද පැවසූහ.
රට වෙනුවෙන් අධිෂ්ඨාන පූජාවක නිරත වූ තමන්ට සහය දුන් සැමට ස්තුතිය පුද කරන බව ද රතන හිමියෝ කියා සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෞරවණීය නායක හිමියනි, ආයු රක්කන්තු ආවඩා ! සිංහල බෞද්ධයින්ගේ රටෙහි කේසර සිංහයෙකු විලසින් කටයුතු කරනු ලැබූ රතන හිමියන් මෙන්, අනෙකුත් සියලුම නායක හිමිවරුන් ප්රමුඛ සිංහල බෞද්ධ දේශපාලකයින් කටයුතු නොකරන තාක්කල් සිංහල බෞද්ධ ශ්‍රී ලංකාව අන්තවාදී පරගැත්තන්ගෙන් මුදා ගත නොහැක.
ඔය හයියෙන්ම අරාබියට යවපු අම්මලා ටික ගෙනත් දෙන්න...
ගරුතර ස්වාමීන් වහන්ස.. ඔබ වහන්සේට කතෝලික අපේ ආචාරය..!!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා..!!!
ඔබ වහන්සේ මොනවා කිව්වත් "මේ උපවාසය හරහා පාස්කු ඉරිදා සිදුවුණු ඉස්ලාම් අන්තවාදීන්ගේ කෘෘර ප්‍රහාරය හේතුවෙන් සිංහල සමාජය තුළ මතුව ඇති උණසුම දඩමීමා කර ගනිමින් ආණ්ඩු වෙනසක් සිදු කිරීමේ කුමන්ත්‍රණයක් " සිදුවූ බවයි සමහරුන්ගේ අදහස වී ඇත්තේ. ඒ අනුව වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ තනතුරෙන් නෙරපා හැර භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමටත් ඒ යටතේ හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමටත් උත්සාහයක් පැවතුණු බවත් මෙම කුමන්ත්‍රණය පිටුපස, පසුගිය ඔක්තෝබර් මාසයේ දින 52කේ ආණ්ඩුව පිහිටුවීමට කටයුතු කළ දේශපාලනඥයන් සිටින බවත් තමයි ඒ අය කියන්නේ...
බයිලා තමයි.
ඔබ වහන්සේ කරන ලද්දේ කිසිදු ඡන්ද පදනමක් නැතිව හිටපු ඔබ ලාභදායී විදියට මහා මැතිවරණයට ප්‍රචාරණයක් ලබා ගැනීමක්...
දෙයියනේ කියලා පර්මිට් 2 විකුණාගත්තා විතරයි..
දේශපාලනිකව අනාථවී සිටි රතන හාමුදුරුවෝ තමන්ගේ ඡන්ද පදනම ආරක්ෂා කරගන්න කළ උපායක් පමණක් වන අතර අද චෝදනා ඇති හා නැති මූස්ලීම් ඇමතිවරු සියල්ල ඉල්ලා අස්වීමෙන් පෙන්නුවේ තමන්ගේ ජාතික හැඟීම තනතුරුවලට වඩා වැදගත් බව වන අතර රතන හාමුදුරුවන්ගේ උපවාසයට වඩා මුස්ලිම් ඇමතිවරුන්ගේ ඉල්ලා අස්වීම දේශපාලනිකව ප්‍රබල පණිවිඩයක් රටට ලබාදීමට ඔවුන් සමත් වී ඇත.
ස්වාමීන් වහන්ස, මුස්ලිම්වරු එකතුවුනා වගේ රටට, දැයට හිතවන්ත නියම නායකත්වයක් ඇති පුද්ගලයෙකු වටා එවැනිම දැක්මක් ඇති සිංහල නායකයන් පිරිසක් එකතු කර ඉදිරියට මුහුණදීමට ඔබ වහන්සේ නායකත්වය දෙන්න. නැතිනම් ආපහු ඡන්දයක් ළඟ එනකොට සිංහල හරක් ටික 10කට විතර බෙදෙයි ඡන්දවලට...
චීවරධාරියෙක් නිසා කිසිවක් කියන්න කැමති නැහැ. නමුත් මෙතුමන් මුළු රටේම ඉන්න බෞද්ධයින් රවටගෙන කරන මේ දේශපාලන නාට්‍යය තේරුම් ගන්න පුළුවන් පිරිස අඩුවීම ගැන දුකයි.
සාදු සාදු අනේ ඇති...
අපේ සිංහල මිනිස්සු කිසිම කෙලෙහිගුනයක් දන්නේ නැහැ , අපේ හාමුදුරුවනේ , දවස් 4 නොකා නොබී උපවාස කරනවා කියන එක සෙල්ලම් දෙයක්ද ? කෝ ඔය පාර්ලිමෙන්තුවේ ඉන්න දේශප්‍රේමියෝ කී දෙනෙක් මේවගේ වැඩක් කරාවිද ?
සිංහල බලලෝභී ප්‍රධාන පක්ෂ දෙක සිංහල ඡන්ද දෙකට කළ අනතවාදීන් පස්සේ යන එකෙන් මේ කරදර නැවත ඡන්ද තිබ්බත් ඒකමයි. මේ රට ගොඩගන්න මේ ප්‍රධාන පක්ෂ දෙකට බෑ. පසුගිය රජයේත් හොරකම් දූෂණ තිබුණා. මේ අවුරුද්දේත් ඒ වගේම මහා පරිමාණ හොරකම් තිබුණා. ජනතා විමුක්ති පෙරමුණත් සල්ලි වලට යට වුණා. ඉතින් සංඝයා වහන්සේලා සිංහල ජාතිය එක්සේසත් කළ හැකි වැදගත් නායකයෙක් රටට හඳුන්වා දුන්නොත් යහපත්..
එජා පෙරමුණෙන් ලද මන්ත්‍රී ධුරය? එය අත් නොහැරීම හරි මදි නේද?
බයිලා තමයි... බොරු උපවාස...
මෙය තවත් ලංකාවේ ක්‍රියාත්මක වුණු දේශපාලන නාටකයක් විතරයි කියලයි තේරුම් යන්නේ... තව උත්සාහ කරන්න. නමුත් දැන් කාලය හරි. කරපු පව් ගෙවන්න බලය උදෙසා... දුක් විඳින්නේ ජනතාව...
කාගේදෝ වලිගෙක එල්ලී ඉන්න බව නම් අපි දන්නවා. ඔබ වහන්සේ සහ කාදිනල්තුමා අතර විශාල වෙනසක් තිබෙන බව නම් ලංකාවම දන්නවා. අන්තවාදී අය ඇර.
මේකෙන් වුණේ අන්තිමට වැඩ 2යි. බදියුදීන්ට නොමිලයේ ඡන්ද ප්‍රචාරයක් ලබාදී මීළඟ මැතිවරණයකදී වැඩි ආසන ප්‍රමාණයක් ලබාගැනීම හා මුස්ලිම් දේශපාලකයන් එකතු වීමයි.
සිංහල ජාතිය ඔබට ණයගැතියි අපේ හාමුදුරුවනේ. එක දේශපාලක ගොබ්බයෙක් ප්‍රසිද්ධියේ කීව දේ මොකක්ද? එයාට මොනවාද කරන්න පුළුවන් කියලා... ඔය තනියම කරලා පෙන්නුවේ. ඒ ගොබ්බයින් දැනගත යුතුයි සිංහලයන් එකතු වුනොත් නුඹලාව වඳ කරන බව...
චීවරධාරියා වුණාට කමක් නැහැ. ඕන හම්බයෙකුට ඕනදෙයක් කිවහැකියි...
අපේ හාමුදුරුවනේ මුසල්මානුවන්ගේ එකමුතුකම ගැන මෙතන කතාකරන පාදඩ සිංහලයින් ඔබවහන්සේගේ ජාතික මෙහෙවර අනුමත නොකරන කුහක රැලකි. මෙහෙව් රටක මුසල්මානුවන් රජවීම පුදුමයක් නොවේ.
පාස්කු ප්‍රහාරය දැනගෙන ඊට ක්‍රියාමාර්ග නොගෙන ජීවිත අහිමිවෙන්න වැඩ සිදුකල සිංහල නායකයන්ටත් විරුද්ධව උපවාස කරන්නේ කවදාද ?
මා කලපනා කලේ මෙතරම් ජාතිට ආදරේනම් ඇයි රටේ සම්පතක් කුණුකොල්ලයට විකුණා දමනකොට කටක් අරින්නේ නැත්තේ.
හාමුදුරුවනේ ඔය ගමන්ම අර මහජන නියෝජිතයෝ කියන කුලී කාරයෝ ටිකත් එලවල ඇත්තම ජනතා නියෝජිතයෝ ටිකක් පාර්ලිමේන්තුවට යවල අපට සුද්දෝ දිලා ගිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අයෙත් පිහිටුවන්න විදියක් නැතිද?
සිහළ උරුමයේ ආරම්භක ප්‍රතිපත්ති ඉටු කළ යුතු මතයේ සිටි ඔබ වහන්සේට පසු ගිය කාලයේ බොහෝ අවලාද ලැබුනා එමෙත් අද ගත් පියවරින් ජනතාව ඔබ වහන්සේ සමගයි. පාදඩ දේශපාලකඥයන්ගෙන් ඈත්ව ඥාණසාර හිමි සමග ජාතික ව්‍යාපරය නැවත ගොඩ නගන්න.
සිංහල ඡන්ද හතර අතට කැඩිලා ගියාම මේ වගේම අපායක් වෙනවා. මෙහෙමවත් උදව්වක් කරපු කෙනාට හෙල්ප් කරන්න. දැන් මුස්ලිම් අය සමගි වෙලා. කතෝලිකයන් සමගි වෙලා. අපේ රට දැන් ඇෆ්ගනිස්තාන් වෙලා. ඔය එක පක්ෂයක්වත් අපිට එපා. අවුරුදු 70ක් තාම පොල් ගානවා. අපිට ඔහොම වෙලා මදි.
ජාතිය මේ දුර්දාන්ත ආණ්ඩුවකට ඇද දමාපු ඔබ ඇතුලු නඩය ඒ වෙචච ආනන්තරිය ණය කවදාවත් ගෙවලා ඉවර කරන්න බැහැ නේද..?
ණය වෙන්නේ කොහොමද හාමුදුරුවනේ? කාර් පර්මිට් එක විකුණා ගත්තම
ඇත්තටම ජාතිය ගැන හිතලා කරපු දෙයක් නම් ජාතියට ණය නැත. නමුත් නියම වීරයෙක් මෙවැනි කතා කරන්නේ ද නැත. ඔබ දේශපාලකයෙක් නිසා අප සියල්ලන්ම ඉදිරියේදී වෙන දේවල් ගැන හොඳ අවධානයෙන් සිටින්නෙමු.
ජාතියක් කොහෙද සියලු ආශාවන් වලින් අයින්වෙලා මහන උනාට පස්සේ ?
රටේ නීතියක් නැද්ද? නීතිය ක්‍රියාත්මක කරන්න කියලා උපවාස කරන්න. නිකන් බොරු පොලිටිකල් ගේම් ගහන්නේ නැතුව.. හැමෝම එකඑකාට විරුද්ධව උපවාස කරන්න ගත්තොත් හරිද? දේශපාලන උපවාස අනුමත නොකරමි..
"පාස්කු ප්‍රහාරය දැනගෙන ඊට ක්‍රියාමාර්ග නොගෙන ජීවිත අහිමිවෙන්න වැඩ සිදුකල නායකයන්ටත් විරුද්ධව උපවාස කරන්නේ කවදාද ?" ඒ ගොල්ලන්ට උපවාස හොඳ වැඩී 2020 දී දෙන්නේ කස පාර. බැංකුවත් මකොල්ල කාලා, අවුරුදු 10 බෝම්බ නැතිව තුබූ රටක බෝම්බ පුපුරවලා. රටේ සංචාරක ව්‍යාපාරය විනාස කරලා. ආර්ථික අතින් රට විනාස කරලා, රටේ ආරක්ෂාව බල්ලට දාලා, රටේ සම්පත් පිටරැටියන්ට විකුනපු මේ අයව ගෝල්ෆේස් පිට්ටනියට ගෙනල්ල ගල් ගහලා මරන්න ඕනේ. හලෝ කියනවා මේවා බොරුද?
හරි, වැරැද්ද කුමක් වුවත් මුස්ලිම් අන්තවාදයට එරෙහිව නැගීසිටින සිංහල, බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු හා මුස්ලිම් ආගමික නායකයින් හා සාමාන්‍ය වැසියන් එක අරමුණකට ඉලක්ක කරගතහැකි වුනේ රතනහිමිගේ උපවාසය පාදක කරගනිමිනි. එය එසේ විය. ඒ ගෞරවය උපරිමයෙන්ම හිමි විය යුතුයි. අධර්මයන් විවිධයි. ඒ සියලු අධර්මයන් මතුවන්නේ විවිධ අන්තවාදයන් නිසායි. ආගමික අන්තවාදය, ජාතිවාදී අන්තවාදය, දේශපාලන මතවාදී අන්තවාදය, අන්තිමට තමන් කියන දෙය පමණක් හරියයි හිතන එකිනෙකාට පුද්ගලික වූ අන්තවාදය දක්වා අසීමිත අන්තවාදයන් ඇත. ඒ සෑම අන්තවාදයක්ම අධර්මයමයි. තමන්ට හිතෙන හා තමන් කෙරෙන දෙයත් හරිද වැරදිද කියා විමසමින් මධ්‍යස්තව හිතන හා කරන යමෙකු වෙත්නම් ඔහු තුළින් පමණක් යහපතක් ඉටුවේ. ඒ මැදුම් පිළිවෙතයි.. මේ අන්තවාදයන් මතුවීමට නොහැකි ආකාරයට නීති හැදීම තුළින් සියලු අන්තවාදයන් පිටුදැකිය යුතුය. එය පමණි එකම විසඳුම වන්නේ. එය නිරන්තරයෙන්ම විමසමින් නීති හැදීම පාලක පන්තියේ වගකීමයි.
සෙහාන් මේ එකමුතුකමට කැමති නැති බව අපි දන්නවා. ලොකු අමාරුවකුත් තියෙන බව හොඳට පේනවා.
Anti bamuna මට චැලේන්ජ් කරනකොට එයාට මම ඔහොම උත්තර නොදී කොහොම කියන්නද? අපි පාසල් කාලයේත් කතා කරන්න බය වුණෙත් නැහැ. අද බයත් නැහැ...