
(රංජිත් රාජපක්ෂ)
නුවරඑලිය මිපිලිමාන ප්‍රදේශයේ පිහිටි කන්දේ ඇළ ජලාශයේ අනාරක්ෂිත ලෙස සහ අවදානම් ලෙස සංචාරකයන් රැගෙන යන හබල් බොට්ටුකරුවන්ට දැඩි ලෙස අවවාද කිරිමට නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා සහ නුවරඑලිය පොලිස් ජිවිත ආරක්ෂක අංශයේ නිලධාරින් අද (06) දින කටයුතු කරනු ලැබුහ.
කන්දේ ඇළ ජලාශයේ හබල් බොට්ටු 05 ක් පමණ සංචාරකයන් රැගෙන යාම සදහා එක් කර ඇති අතර ,ඒ සදහා කිසිදු රාජ්‍ය ආයතනයකින් අනුමැතියක් ලබා නොගෙන එම හබල් බෝට්ටු ඔහුන් විසින්ම කිසිදු ප්‍රමිතියකින් සහ ආරක්ෂිත භාවයකින් තොරව සකස් කරගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේය.
එසේ සකස් කර ඇති හබල් බොට්ටු වල ප්‍රමාණයට වඩා සංචාරකයන් නංවාගෙන ඒ සදහා කිසිදු ආරක්ෂිත කබායක් සංචාරකයන්ට ලබානොදි සෞඛ්‍ය මාර්ග උපදෙස් වලට පටහැනිව මෙම හබල් බොට්ටු සේවය සිදුකරගෙන යන බවද සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේය.
මින් ඉදිරියට කන්දේ ඇළ ජලාශයේ හබල් බෝට්ටු සංචාරය සදහා පැමිණෙන සංචාරකයන්ව අනාරක්ෂිත ලෙස සහ සෞඛ්‍ය මාර්ග උපදෙස් වලට පටහැනිව සංචාරය සදහා රැගෙන යන හබල් බොට්ටුකරුවන්ව එම සේවයෙන් ඉවත් කිරිමට අවශ්‍ය පියවර ගන්නා බවද නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
පසුගිය දින කිහිපය තුළ දිවයිනේ ස්ථාන කිහිපයකම දියගිලිම් ඇතුළු සිදු වු ආපදාවන් රැසක් හේතුකොට ගෙන ආපදා කලමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ සහ නුවරඑලිය ජෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධි උඩුගමසුරිය යන මහතුන්ගේ උපදෙස් පරිදි කන්දේ ඇළ ජලාශයේ හබල් බොට්ටුකරුවන් දැනුවත් කිරිමට සහ මෙම හදිසි පරික්ෂාව සිදු කල බවද නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකර ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනතුරක් සිදුවන්නට පෙර එය වැළැක්වීමට පියවර ගේන්නේම ප්‍රශංසනීයයි. නැතිනම් කින්නියාවේ සිදුවූ අනතුරු වැනි අනතුරු සිදුවීමට බෙහෙවින් ඉඩකඩ ඇත.
ලයිෆ් ජැකට් පැලඳීම අනිවාර්ය කරන්න. බෝට්ටු සඳහා පරීක්ෂාවකින් පසුව ආරක්ෂාව පිළිබඳ සහතිකයක් අනිවාර්ය කරන්න. ජීවිතාරක්ෂකයින් සිටීම අනිවාර්ය කරන්න.
සියලු බෝට්ටු ලියාපදිංචි කර තාක්ෂණික උපදෙස් මත උපරිම මගීන් ගණන ගැසට් කරන්න... ජීවිතාරක්ෂක කබාය අනිවාර්ය කරන්න.