(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බිරිඳ මිය යාමෙන් පසු 11 හැවිරිදි දරුවා සමග තනි වීමෙන් අනතුරුව මානසික ව්‍යාකූල තත්ත්වයට පත්ව සිටි 47 හැවිරිදි පෞද්ගලික ආයතනයක කළමනාකරු අංගොඩ මානසික රෝග විද්‍යායතනය ( මානසික රෝහලේ) ප්‍රතිකාර ලබමින් සිටියදී හදිසියේ මිය යාම සම්බන්ධයෙන් සැකපිට එම රෝහලේ සෞඛ්‍ය කාර්යය සහයකයන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි.

මියගිය පුද්ගලයාට පහර දීමට යොදා ගත් බවට සැක කරන දෙකට වෙන් වූ කොසු මිටක් ද පොලිස් බාරයට ගෙන ඇත.

මෙලෙස සැක සහිත අයුරින් මියගොස් තිබුණේ පාදුක්ක වටරැක සමනලතැන්න පදිංචිව සිටි  47එක් දරු පියෙකි.

මීට සතියකට පමණ එහි ඉහත දී පවුලේ ඥාතීන් විසින් මියගිය පුද්ගලයා  ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබූ බව පොලිසිය කියයි.

මියගිය අය ඉකුත් විසිපස් වෙනි දින නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති අතර ඔහුව පාලනය කිරීම යාමේදී බිම ඇද වැටුණු බව රෝහල් සේවකයන් විසින් පවසා තිබූ බව පොලිසිය කියයි.

අදාළ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද පැවැත්විණි.