IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


මනුෂගේ ඇප ඉල්ලිමට අල්ලස විරුද්ධ වෙයි

 

(රොෂන් තුෂාර)

ඊශ්‍රායල් රැකියා ගිවිසුම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදු කරන විමර්ශනයන්හිදී අත්අඩංගුවට පත් වුවහොත් ඇප ලබා ගත හැකිවන පරිදි පූර්ව ඇපයක් නියම කරන්නැයි ඉල්ලා හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ගොනු කළ පෙත්සම ලබන 08 දින විමසීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද දින නියම කළේය.

සැකකරුට පූර්ව ඇපයක් නියම කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වය ප්‍රකාශ කරන බවට අල්ලස් කොමිසම ගොනු කළ ලිඛිත කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ පැමිණිල්ල විමසීමට දින නියම කළේය.

අද මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම ඇප ලබාදීමට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමෙන් ලිඛිත කරුණු අධිකරණයට ඉදිරිපත් කළේය.

වග උත්තරකරුවන් විසින් ඉදිරිපත් කරන ලිඛිත කරුණු සලකා බලා ලබන 06 වැනි දින ඊට අදාළ ලිඛිත දේශන යොමු කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා පැමිණිලි විමසීම ලබන අට දිනට නියම කළේය.

මෙරට තරුණයින්ට විදේශ රැකියා ලබාදීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්‍රායල් රාජ්‍යය අතර 2023 වසරේ ඇතිකරගත් කෘෂිකාර්මික අංශයේ රැකියා ගිවිසුමේදී සිදු වූයේ යැයි කියන දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මෙම විමර්ශනය ආරම්භ කර ඇත. විමර්ශනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වුවහොත් ඇප ලබා දෙන්නයි ඉල්ලා නානායක්කාර මහතා පසුගිය 26 දින මෙම පෙත්සම ගොනු කළේය.

එහි වග උත්තරකරුවන් ලෙස අල්ලස් කොමිසම,කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් හා විමර්ශන භාර ස්ථානාධිපතිවරයා නම් කර තිබිණි.



අදහස් (1)

මනුෂගේ ඇප ඉල්ලිමට අල්ලස විරුද්ධ වෙයි

අරවින්ද මොණරවිල Friday, 03 October 2025 04:21 PM

ඇප දෙන්න නොවෙයි හම ගහන්නයි වටින්නේ, අයියයි මල්ලියි එකතුවෙලා කල අපරාධ වල හැටියට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 113 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site