
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය යුක්රේනයට සහ ශ්‍රී ලංකාවට වෙනස් ලෙස සලකමින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26)පැවසීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මේ වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවද හිටපු ජනාධිපතිවරයා කීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ මේ දෙබිඩි පිළිවෙත සම්බන්ධයෙන් වත්මන් රජය මෙන්ම සෙසු දේශපාලන පක්ෂ බැරෑරුම් අයුරින් සලකා බැලිය යුතු යැයි ද හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවති තරුණ නීතිවේදී හමුවකදීය.
එම නිසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය හැසිරෙන දෙබිඩි පිළිවෙත පිළිබඳව රජය ප්‍රමුඛ මෙරට දේශපාලන පක්ෂ දැනුවත්ව සිටිය යුතු යැයි ද හිටපු ජනාධිපතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මානව හිමිකම් කතාව ඔහොම්ම තමයි. බටහිරට කිරි අපට කැකිරි
අපි මේක විමලේ කොලුවාට කියමු. එතකොට උන්දෑ උපවාසයක් පටන් ගනීවි. හැබැයි මේ පාර තැඹිලි වතුර පොවන්න වෙන්නේත් ඔය සීයාටම තමයි...!
ෂට් අප් ඇන්ඩ් සිට් (නැත්තං) සිට් ඩවුන්...!
උපදේශකයෝ 92ක් තියං හිටපු කෙනා, දැං අනිත් අයට උපදෙස් දෙනවා….!
විමල් කොලුවා ලෑස්තියි. ඇමරිකාවට අභියෝග කරන්න. ට්‍රම්ප් බය හින්දලු උපවාස කරන්නේ නැත්තේ..? මට කිව්වේ ඇල්වතුරත් නිවලා බොන ගම්මන්පිල...!
කට වහගෙන යන්න. එනවා මෙතන මගුලක් කතා කරන්න.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ඇමරිකාව ඉවත් කර ගත්තා ජනාධිපති ට්‍රම්ප් විසින්. ඒ ඇමරිකාව තම බදු ගෙවන්නන්ගේ සල්ලි අවභාවිතා කරමින් තමන්ගේ අනිසි බලය මානව හිමිකම් කොමිසම හරහා යොඳවන නිසා. ලංකාවට 2009 න් පසුව මේ මානව හිමිකම් කොමිසම ඉතා දරුණු ලෙස අඩත්තේට්ටම් කළා. ඔවුන් ඉදිරිපත් කළ යුධ අපරාධකරුවන් ජාත්‍යන්තර අධිකරණයට ගෙන යා හැකි යෝජනව මුලින්ම ප්‍රතික්ෂේප කළේ චන්ද්‍රිකා මැතිණිය විසින්. ඉන්පසුව රනිල් වික්‍රමසිංහ විසින්. ඒක අත්සන් කළා නම් අපේ යුධවිරුවන් බුරුතු පිටින් ජාත්‍යන්තර අධිකරණයට ගෙන ගොස් දඬුවම් දීලා. මේ ඉතිහාසය 2000 න් පසුව ඉපදුනු ලාබාල අය දන්නේ නෑ.
දැන් රටේ ආණ්ඩුවක් තියෙනවානේ, ඒක බලා ගනියි ඒවා. ඔහෙලා අවුරුදු හැත්තෑ හතක් තිස්සේ හැදුව රට තමයි ඔය තියෙන්නේ. ඒ නිසා දැන්වත් කට වහගෙන පැත්තකට වෙලා වෙන්නේ මොනවාද කියලා බලාගෙන ඉන්නවා.
ඕවා ඕන නම් ගෙදර නෝනාට කියන්ඩ ඡන්ද 30 ගානක් පැරදිලාත් මේ මනුස්සයාට තේරෙන්නේ නැද්ද ලංකාවේ මිනිස්සු මෙයාව පිළිගන්නේ නැ කියලා