(සුජිත් හේවාජුලිගේ )
මානව සෞඛ්‍ය සුරැකීම සඳහා ලොවපුරා රාජ්‍යයන් නිර්භීත ප්‍රතිපත්ති අනුගමනය කිරීමට පසුබට නොවිය යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මෙසේ පැවසුවේ ඉතාලියේ රෝමය නගරයේ පැවති ලෝක ආහාර සුරක්ෂිතතාව පිළිබඳ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ 48 වැනි සමුළුවේ පරිසර විද්‍යාව පිළිබඳ සැසිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමිනි .
ජෛව විවිධත්වය විනාශවීම වැළැක්වීමට සහ වඩා තිරසර ආර්ථික අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට ජනතාවට සහයක් විය යුතු බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වෙලාවට නන්දසේන ඕක පෙන්නලා දුන්නේ... ලෝකයේ අනිත් නායකයෝ මොකද කරන්නේ කියමින් ලතවෙන වෙලේ... අපේ ආචාරය...!!!
ඉතාමත් හොඳයි...!!!
හිස් මිනිසුන්ගේ මුසා බස් දුරැ වේවා!!!!!!!!
සාදු කියන්න පින්වත්නි.. සාදු කියන්න.. බලන්න ලංකාව මනාව සෞඛ්‍යය සුරකින හැටි. නොබියව තීන්දු තීරණ අරන් කී දෙනෙක් නම් නිදොස් කොට නිදහස් වෙලාද? සාදු.. සාදු...
පොඩ්ඩක් ඉන්න. අර ගිලුණු නැවේ තෙල් ටිකයි, කන්ටේනර් පෙට්ටි ටිකේ තියෙන ඒවයි දියවෙලා එනකම්..!!!
සමහරු නන්දසේන මහත්මයා, මහදැනමුත්තා සම කරන්න හදනවා. නමුත් මම ඊට වැඩිය යමක් දකිනවා.. මහදැනමුත්තා ගත් තීරණ නිසා එළුවා හා මුට්ටිය දෙකම නැතිවුණා. අපේ ලොක්කා සහ ඔහුගේ ගෝලයන් වන රත්තරන් සහ වරාය සභාපති ගත්ත තීරණ නිසා නෞකාවත්, මුහුදත්, වෙරළත්, ධීවර කර්මාන්තයත්, සංචාරක කර්මාන්තයත්, ලුණු කර්මාන්තයත් එකවර විනාශ වුණා. මෙවැනි එඩිතර නිර්භීත තීරණ ගන්න පුළුවන් නන්දසේනට හා ගෝලයින්ට පමණි.
මොනවා කරන්නත් කළින් රට දිගටම විවෘත කරන්න. අපි අපි ගැන බලාගන්නම්...!!!