IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


මානෙල් මලේ ප්‍රශ්නයකටත් කෝපා කමිටුව අතගසයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ‘මානෙල් මල’ බව බොහෝ පිරිසක් නොදන්නා හෙයින් ජාතික අධ්‍යාපන ආයතනය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා අනෙකුත් අදාළ ආයතන මාර්ගයෙන් මෙන්ම  පුවත්පත් දැන්වීම්  මාර්ගයෙන්    ජනතාව  ඒ ගැන නිසි පරිදි දැනුවත් කිරිමට පියවර ගන්නා ලෙස  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව( කෝපා කමිටුව) පරිසර අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය.

පරිසර අමාත්‍යාංශය විසින්   පවත්වනු ලබන දැනුවත් කිරීමේ වැඩසටහන්වලදී ජාතික පුෂ්පය පිළිබඳව පාසැල්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන දැනුවත් කළද එය ප්‍රමාණවත් පරිදි සිදුවී නොමැති බවද කාරක සභාව නිරික්ෂණය කර ඇත

අමාත්‍ය මණ්ඩල තීරණයක් අනූව ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ‘මානෙල් මල’ බවට ප්‍රකාශයට පත්කර ඇතත් අමාත්‍යාංශය යටතේ ඇති ආයතන  මෙන්ම අනෙකුත් රාජ්‍ය ආයතන දැනුවත් කිරීමටද  ප්‍රමාණවත් තරම් ප්‍රචාරණයක් ලබාදීමට අමාත්‍යාංශය අපොහොසත්වී ඇති බැවින් ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ‘නිල් මානෙල්’ ලෙස බොහෝ අවස්ථාවල තවමත්  භාවිතා වන බව  කෝපා කාරක සභාව පවසයි.

මේ කරුණු අන්තර්ගත වූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය)  තිස්ස විතාරණ මහතා විසින් ඊයේ  (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ එම කාරක සභා  පළමු වාර්තාවේය.

කෝපා කාරක  සභාව විසින් 2021.08.04 සිට 2021.11.19 දක්වා කාලයේදී   කැඳවන ලද රාජ්‍ය ආයතන 7ක සහ එක් විශේෂ විගණන වාර්තාවක විමර්ශනයන් පිළිබඳ තොරතුරු මෙම වාර්තාවට ඇතුළත් වෙයි.



අදහස් (3)

මානෙල් මලේ ප්‍රශ්නයකටත් කෝපා කමිටුව අතගසයි

ලුම්බිණි Saturday, 21 May 2022 09:39 AM

මේකද දැනට කළයුතු වැදගත්ම වැඩේ...?

:       12       10

Pradeep KumaraSaturday, 21 May 2022 12:35 PM

වරද දුටු විගසම නිවැරදි කිරීම කළයුතුයි.

:       4       18

Nandalal DE SILVA - FranceSaturday, 21 May 2022 03:05 PM

අද කළ යුතු දේ අදම නොකළොත්, එය හමස් පෙට්ටියට වැටී අමතක වෙනවා. මෙය හොඳයි අනාගත පරපුර වෙනුවෙන් ගත් වැදගත් තීරණයක් ලෙස මා දකිනවා..

:       3       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 212 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 405 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 170 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site