IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මොනරාගල වැව් සිඳී යයි

(කේෂර ගුණතිලක)  

කලට වේලාවට වැසි නොලැබීමෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ වැව්වල ජල මට්ටම 50% කින් පමණ අඩුවී ඇති අතර අමුණුවල ජලය ද සිඳී ගොසිනි.

මොනරාගල දිස්ත්‍රික්කයේ, ප්‍රධාන වැව් වන යුදඟනාව වැව, සද්ධාතිස්ස වැව, සුගලාදේවිය වැව, මුතුකණ්ඩිය වැව, දඹේ වැව, මහකුරුල්ලන් පැලැස්ස වැව, කහ කුරුල්ලන් පැලැස්ස වැව, මහවැව යන වැව්වල ද කුඹුක්කන, බුත්තල, හුලංදාව සුදුපානවෙල, පැල්වත්ත, හොරබොක්ක සහ කුකුරම්පොල යන අමුණුවල ද ජලය සිඳී ගොස් ඇති බව මොනරාගල ප්‍රධාන වාරිමාර්ග ඉංජිනේරු පියතිස්ස බණ්ඩාර මහතා පැවසීය.

වෙනත් වසරවලදී ඔක්තෝබර් මාසය ආරම්භයේ සිට මොනරාගල දිස්ත්‍රික්කයට වැසි ලැබේ. වාරිමාර්ග යෝජනා ක්‍රම යටතේ ඔක්තෝබර් 15 වන විට මහ කන්නය ආරම්භ කිරීමට ගොවීහු කටයුතු කරති. මේ හේතුවෙන් මහ කන්නයේ කුඹුරු අස්වැද්දීමේ කටයුතු මෙතෙක් ආරම්භ කිරීමට ගොවීන්ට නොහැකිවී ඇත.

මේ වන විට වැව් සහ අමුණවලට සම්බන්ධ “පෙර කන්න රැස්වීම්” පවත්වා ජලය මුදාහරින දින තීරණය කර ඇතත් වැසිජලය නොලැබීම නිසා කුඹුරු අස්වැද්දීම ආරම්භ කර නැත.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ සම්පූර්ණයෙන්ම සිදී ගොස් ඇති තණමල්විල මහවැව සහ දඹේවැවයි.



අදහස් (7)

මොනරාගල වැව් සිඳී යයි

nuwan Friday, 23 October 2020 08:02 AM

මේ වැව් දැන් වතුර නැති කාලේ හාරලා ගැඹුර වැඩි කරලා තිබ්බා නම් ඊළඟ සැරේට වැඩි වතුර ප්‍රමාණයක් රඳවා ගන්න පුළුවන් බලධාරීන්ගේ ඇස් ඇරේවා...!!!

:       0       0

බද්රානි Friday, 23 October 2020 08:26 PM

ඇත්තෙන්ම හරිම සුන්දර දර්ශනයක්. ඉදිරි අනාගතයේදී මීට වඩා සුන්දර කාන්තාර දැක ගැනීමට අපට පින තියේවි?

:       8       13

ලහිරැ කලුදේව Saturday, 24 October 2020 01:55 AM

මෙහෙම වුනොත් කොවිඩ් වලට හපන්

:       0       8

kasun Saturday, 24 October 2020 01:56 AM

බලන්න දැන් ලස්සන

:       4       4

බත්රාණි Saturday, 24 October 2020 01:19 PM

කිඹුල්ලු නෑනේ?

:       0       0

කරෝලිස් අප්පුහාමි Saturday, 24 October 2020 02:12 PM

අද මොනරාගල හෙට මුළු රටම... ස්වභාවික සම්පතක් වත් විඳින්නට අපට ඇති අයිතිය නැති කළ පව්කාර හැතිකරේ...

:       1       8

ප්‍රබෝධක Sunday, 25 October 2020 02:15 PM

පින්වන්ත නායකයින් සිටිනකල රටම සශ්‍රීක වේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 175 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site