
(ගයාන් ගාල්ලගේ)
රැඳවුම් බාරයේ සිටින සම්පත් මනම්පේරී නැමැත්තා විසින් සිදුකරන ලද අනාවරණයකට අනුව මිද්දෙණිය ප්‍රදේශයේ නිවසක තිබී පිස්තෝලයක්,අත් අබෝම්බයක්,ටී 56 උණ්ඩ 115 ක්,රත්තරන් ආලේපිත ටී 56 මැගසින් දෙකක් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන තිබේ.
පසුගිය තුන්වනදා මනම්පේරි විසින් සිය අනියම් බිරිඳගේ නිවසේ වත්තෙහි වළදැමු බවට ඔහු කළ ප්‍රකාශයක් මත මෙම අවි ආයුධ සොයාගත් බව පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
ඊයේ දිනයේ බස්නාහිර පළාත් උතුරු අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිළදාරීන් කණ්ඩායමක් සම්පත් මනම්පේරිගෙන් ප්‍රශ්න කිරීමෙන් පසුව මෙලෙස අනාවරණය කර ඇත.
මිද්දෙණියේ ඉඩමක අයිස් නිශ්පාදනය කරන අමුද්‍රව්‍ය වළදැමීමේ සිදුවීමක් මත සම්පත් මනම්පේරී දින හතක රැඳවුම් නියෝග මත මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ රඳවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට තමයි එදා නාමල් කිව්වෙත්, විධිමත් සහ සාධාරණ පරීක්ෂණයක් පවත්වන්නයි කියලා... දැන් පරීක්ෂණයේ ප්‍රතිඵල එනවා.
තව දුරටත් දැඩි ලෙස ප්‍රශ්ණ කරද්දී වමාරයි ඕවාට සම්බන්ධ දේශපාලකයින්ගේ නම්. සමහර විට එහෙම වෙන එකකුත් නෑ, දවස් කීපයක් කට්ටි පැනලා ඉඳලා නීති උපදෙස් ගන්න ඇති... මොනවාද කියන්න ඕනෑ මොනවද එපා කියලා. ඇත්ත කිව්වොත් පරම්පරාවම සුන්නත්දූලි කරනවා කියන්න ඇති...
රත්තරං අශ්වයෝ හොයාගන්න බැරි වුණාට රත්තරං තුවක්කු නම් යසට එළියට එනවා.