IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මනම්පේරිගේ තවත් ආයුධ මිද්දෙණියෙන් සොයාගනී

 (ගයාන් ගාල්ලගේ)

රැඳවුම් බාරයේ සිටින සම්පත් මනම්පේරී නැමැත්තා විසින් සිදුකරන ලද අනාවරණයකට අනුව මිද්දෙණිය ප්‍රදේශයේ නිවසක තිබී පිස්තෝලයක්,අත් අබෝම්බයක්,ටී 56 උණ්ඩ 115 ක්,රත්තරන් ආලේපිත ටී 56 මැගසින් දෙකක් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන තිබේ.

පසුගිය තුන්වනදා මනම්පේරි විසින් සිය අනියම් බිරිඳගේ නිවසේ වත්තෙහි වළදැමු බවට ඔහු කළ ප්‍රකාශයක් මත මෙම අවි ආයුධ සොයාගත් බව පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

ඊයේ දිනයේ බස්නාහිර පළාත් උතුරු අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිළදාරීන් කණ්ඩායමක් සම්පත් මනම්පේරිගෙන් ප්‍රශ්න කිරීමෙන් පසුව මෙලෙස අනාවරණය කර ඇත.

මිද්දෙණියේ ඉඩමක අයිස් නිශ්පාදනය කරන අමුද්‍රව්‍ය වළදැමීමේ සිදුවීමක් මත සම්පත් මනම්පේරී දින හතක රැඳවුම් නියෝග මත මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ රඳවා ඇත.

 

 



අදහස් (3)

මනම්පේරිගේ තවත් ආයුධ මිද්දෙණියෙන් සොයාගනී

Hafeel Monday, 22 September 2025 02:15 PM

මේකට තමයි එදා නාමල් කිව්වෙත්, විධිමත් සහ සාධාරණ පරීක්ෂණයක් පවත්වන්නයි කියලා... දැන් පරීක්ෂණයේ ප්‍රතිඵල එනවා.

:       22       8

Pradeep Kumara Monday, 22 September 2025 02:33 PM

තව දුරටත් දැඩි ලෙස ප්‍රශ්ණ කරද්දී වමාරයි ඕවාට සම්බන්ධ දේශපාලකයින්ගේ නම්. සමහර විට එහෙම වෙන එකකුත් නෑ, දවස් කීපයක් කට්ටි පැනලා ඉඳලා නීති උපදෙස් ගන්න ඇති... මොනවාද කියන්න ඕනෑ මොනවද එපා කියලා. ඇත්ත කිව්වොත් පරම්පරාවම සුන්නත්දූලි කරනවා කියන්න ඇති...

:       24       11

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Monday, 22 September 2025 03:47 PM

රත්තරං අශ්වයෝ හොයාගන්න බැරි වුණාට රත්තරං තුවක්කු නම් යසට එළියට එනවා.

:       16       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 12 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site