
(සුජිත් හේවාජුලිගේ සහ අන්ජල මහික වීරරත්න)
මන්නාරම සුළං බලාගාරයේ ඉඩම් සම්බන්ධයෙන් නඩුවක් පවතින හෙයින් එහි කටයුතු අදානි සමාගමට මෙන්ම ලංකා රජයටද දැන්ම ආරම්භ කළ නොහැකි බව විදුලි බල හා බලශක්තිය අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
මේ සම්බන්ධයෙන් අදාළ සමාගමෙන් ලැබුණු ලිපිය පිළිබඳව අධ්‍යයනය කරගෙන යන බවද ඔහු කීවේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සමඟ ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී පෙරේරා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එම ගිවිසුම තවමත් අවලංගු කර නැතැයිද අමාත්‍යවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉංජිනේරු? මාලිමාවේ ලැජ්ජා නහර කපලා. මේ හාදයාට උපතින්ම පිහිටලා නෑ...
බලාගාර වැඩ කල් යන තරමට පෞද්ගලික බලාගාර වලට වාසියි, ඉතින් ඕකෙන් වාසි කාටද කියලා ඇමැති තුමා නොදන්නවා වෙන්න බැහැ. අන්තිමේ කරුමය ගෙවන්නේ අපි, ආණ්ඩු මාරු වුණාට ඇමැතිලා මාරු වුණාට මේ ආයතනේ වෙනස් වෙන්නේ නැහැ..!
යෝග තමුන්ට තියෙන ප්‍රශ්නය ඕකද? තමන්ගෙ අඥාන ගතිය ප්‍රදර්ශනය නොකර කියපු දෙයට අදහසක් දෙන්න.මොකද ඔයාලා මොනවා කියලා වැලපුණත් තව වසර විස්සක් මේ ප්‍රතිපත්ති මත පිහිටන රජයන්ට තමයි ජනතාවගේ මනාපේ. නැතුව පුද්ගල වන්දනාව, තමන්ගේ එකාට සේරම, සහ නඩයක් පස්සෙන් තියාගෙන සර් බර් කියන දේශපාලනය ඉවරයි. තමුන්ලා ඉල්ලන්නේ ඒක වුණාට ඒවාට ඉඩ නැහැ.
ගුණරත්න, ඒ කියපු දෙය තේරුම් ගන්න තරම් දියුණු මොළයක් නැති එක තමයි ඔයාගේ අවාසනාව. නඩුවක් කියන්නේ නඩුවක්..., ඊට පහළින් ඇමැති ඉන්නේ...!