ඇමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ මන්ත්‍රීවරිය සහ ඇගේ සැමියා ඝාතනය කළ වෙඩික්කරු අල්ලා ගැනීමට ඇමෙරිකන් ආරක්ෂක අංශ සමත්විය. වෙඩිඩකරු සොයා මෙහෙයුම් ආරම්භ කර තිබුණේ පොලිසිය සහ එෆ්.බී.අයි. කාර්යාංශය එක් වෙමිනි.
වෙඩි තබා ඝාතනය කෙරුණේ මෙලීසා හා්ට්ර්මැන් නමැති ඩිමොක්‍රික් පක්ෂයේ මිනසෝටා ජනපදයේ මන්ත්‍රීවරියයි. ඇගේ මාර්ක් ද වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්විය.
ඊට අමතරව, ඩිමොක්‍රටික් ජනපද සෙනෙට්සභික ජෝන් ඒ. හොෆ්මන් සහ ඔහුගේ බිරිඳ වයෙට්ට ද වෙඩි ප්‍රහාරයක් එල්ල විය. වෙඩි ප්‍රහාර එල්ල වූයේ වෙඩික්කරු පොලිස් නිලධාරියකුමෙන් සැරැසී මොවුන්ගේ නිවෙස්වලට යමිනි.
වෙඩි තැබීම කළ සැකකරු 57 හැවිරිදි වෑනන්ස් බොයෙලටර් නමැත්තා බව එෆ්.බී.අයි. පරීක්ෂකවරු පවසති. මොහු අල්ලා ගැනීමට හැකි වූයේ දින දෙකක් තිස්සේ ලුහුබැඳීමෙන් පසුව යැයි ද පැවැසෙයි. සිද්ධිය ගැන තවමත් විමර්ශන පැවැත්වෙයි.
(ඒ.එෆ්.පී.)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මන්ත්‍රීවරියට වෙඩි තැබූ සැකකරු අල්ලා ගැනෙයි