
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අඩු මිලට ඉන්ධන ලබා දීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
මන්ත්‍රීවරුන්ට අඩුවට ඉන්ධන ලබා දීම පිළිබඳව සමාජයේ වැරදි මතයක් පල වී තිබෙන අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට එයින් අසාධාරණයක් වී තිබෙන බව කී අමාත්‍යවරයා ඛනිජ තෙල් සංස්ථාව මේ මොහොතේ හෝ මීට පෙර කිසිම අවස්ථාවක වෙළඳ පොලේ මිලට අඩු මුදලකට තෙල් මිලදී ගැනීම සඳහා අවස්ථාව සලසා නැතැයි ද ඉදිරියටත් එවැනි තීරණයක් ගන්නේ නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ තියෙන්නේ තනිකරම බොරුව විතරයි. මිනිස්සු රවට්ටනවා සීමාවක් නැහැ.
කාංචන, ඔයා යූ ටියුබ් එකේ තිබ්බ වීඩියෝ එක දැක්කේ නැද්ද? ඇමැති හොරු විතරක් නෙවෙයි, ඔවුන්ගේ ගෑණු උදවියත් පොලිස් පෙට්‍රෝලියම් එකේ ගහන් යනවා... STF එකෙනුත් දාලා ඉද්දී ඒ ගහන්නෙත් ගොඩක් අඩුවට ... අපිට දෙන ගාණට නෙවෙයි. ඔක්කොම හොරු...