
(සුජිත් හේවාජුලිගේ)
මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍රය සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ කඹ ඇදීමක් හට ගෙන තිබීම හේතුවෙන් එම බලපත්‍රය නිකුත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නොහැකිව ඇතැයි වාර්තාවේ.
ආණ්ඩුවේ එක් පාර්ශවයක් වාහන බලපත්‍රය ලබාගත යුතු බව පවසද්දී අනෙක් පාර්ශවය එය ලබා නොගත යුතු බව පැවසීමෙන් මෙම අර්බුදකාරී තත්වය මතුව ඇති බව රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.
ආණ්ඩුවේ එක් පාර්ශවයක් පවසන්නේ රට ආර්ථික වශයෙන් දැඩි අර්බුදයක පවතින අවස්ථාවක මන්ත්‍රීවරුන් තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබා ගතහොත් එය ජනතාව තුළ පිළිකුලක් වර්ධනය වීමට හේතු සාධක වනු ඇති බවයි.
එය ආණ්ඩුවේ ඡන්ද පදනමටද බරපතළ තර්ජනයක් ඇතිවනු ඇතැයි ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.
කෙසේ වෙතත් ආණ්ඩුවේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් පවසන්නේ අවුරුදු ගාණකින් වාහන බලපත්‍රයක් ලබාගෙන නැති හෙයින් එය මේ මොහොතේදී ලබා ගැනීම සුදුසු බවයි.
මේ තත්ත්වය යටතේ මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රය ලබාදීම සම්බන්ධයෙන් රජය මෙතෙක් අවසාන තීරණයක් ගෙන නොමැත.
තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබන මැතිවරණ වලට කලින් ලබා දෙන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පසුගියදා භාර දුන්හ. එම ලිපිය කතානායකවරයා විසින් අනතුරුව ජනාධිපතිවරයාට භාරදෙනු ලැබීය.
මේ අතර වාහන බලපත්‍රය නොලැබුණහොත් ඉදිරි මැතිවරණ වලට ඉදිරිපත් නොවන බවට මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපතිවරයාට දැනුම්දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහන බලපත්‍රය නොලැබුණහොත් ඉදිරි මැතිවරණ වලට ඉදිරිපත් නොවන බවට මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපතිවරයාට දැනුම්දී ඇත-
imf ඩොලර් ලැබිලනේ තියෙන්නේ. ඉතින් රටට හෙන ගැහුවත් මොකෝ... ගමු ගමු වාහන...
වාහන බලපත්‍රය දෙන්න.. තව ටැක්ස් එක වැඩි කරන්න. ජනතාවට පුළුවන් වාහන ගත්ත අයට ඡන්දෙ නොදී ඉන්න. ඒත් අපේ මෝඩ ජනතාව එහෙම කරන්නේ නෑ.
ප්‍රතිඵල බලනකොට වැඩ වරා ඉල්ලයි කාසිය මැතිවරණ එනකොට හඬ නගා ඉල්ලන වාසිය...
ඔය බොරු රැවටිලි බෙදිල්ලක්... අන්තිමට මේ ඔක්කොම තීරු බදු රහිතව වාහන ගන්නවා. අපි ඔවුන්ටත් එක්ක බදු ගෙවනවා.
රට බංකොළොත් කරපු මේ හරක්ට තව අපේ සල්ලිවලින් වාහනත් දීපල්ලකෝ...
රට පෙරට ඔයාට වැරැදිලා, හරක් යන වචනේ හොරු ලෙස නිවැරදි වියයුතුයි. ලොරි බස් හැරුණාම වෙන වාහන අවශ්‍ය නැහැ ආර්ථික ප්‍රශ්න විසඳෙන කම්, කරුණාකර අමතර කොටස්වලට ගහන බද්ද 10%ක මට්ටමකට අඩු කරන්න තිබෙන දෙයක්... රෙපයාර් කරගෙන පදින්න.
ඔවුන් දන්නවා ඔවුන්ට කෙල වෙලා ඉන්නේ කියලා... යන යකා කොරහත් බිඳගෙන යනවා වගේ වාහන පර්මිට් එකවත් අරගෙන යන්නයි ඔවුන් බලන්නේ. නැත්තං ඔවුන් ඡන්දෙනුත් පරාදයි. කාර් එකත් නෑ...!
කාලකන්නි හිගන්නො