IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මන්ත්‍රී නිවහනේ හිටපු මන්ත්‍රීලා රොත්තක්

(සුජිත් හේවාජුලිගේ)

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිල නිවාසවල  පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් දහයකට ආසන්න පිරිසක්ද  රැඳී සිටින බව වාර්තා වේ.

ඔවුනට එම නිල නිවාස සංකීර්ණයේ  නිවාස පාවිච්චි කිරීමට කිසිසේත්ම නිත්‍යානුකූල  අයිතියක් නැති බව පැවසේ. පාර්ලිමේන්තුවේ දැනට සිටින මන්ත්‍රීවරුන් පිරිසක් තමන්ගේ නමට නිල නිවාස ලබාගෙන ඔවුන්ගේ හිතවත් මෙම හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී ඇති බව පාර්ලිමේන්තුවේ ආරංචිමාර්ග වලින් දැනගන්නට ඇත.

මේ තත්වය සැලකිල්ලට ගෙන වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට සහ ඔවුන්ගේ පවුල් වල පවුල්වල සාමාජිකයන්ට පමණක් මාදිවෙල මන්ත්‍රී නිවාස පාවිච්චි කළ හැකි බවට පාර්ලිමේන්තු ප්‍රධානීන්  සියලුම මන්ත්‍රීවරුන්ට පසුගියදා යළි සිහි කැඳවීමක් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 110 කට ආසන්න සංඛ්‍යාවකට  සහ ආරක්ෂාව බාර නිලධාරීන් නව දෙනකු වෙනුවෙන් මාදිවෙල නිල නිවාස සංකීර්ණයේ නිවාස වෙන් කරනු ලැබ ඇත.

මේ අතර මාදිවෙල මන්ත්‍රී නිල නිවාස  සංකීර්ණයේ  පවතින තදබදය හේතුවෙන් තවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පස් දෙනකුට පමණ ඒ නිල නිවාස ලබාදීමට නොහැකි තත්වයක් පවතින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

මෙසේ නිල නිවාස ඉල්ලා ඇති මන්ත්‍රීවරු පස් දෙනා  පිට පළාත්වල පදිංචිකරුවෝ වෙති.

මේ අතර පිටපළාත්වල පදිංචි මන්ත්‍රීවරුන්  බොහෝ පිරිසක් අධික ඉන්ධන මිල ගණන් හේතුවෙන්  පාර්ලිමේන්තු සතියේදී සහ  වෙනත් බොහෝ දිනවලදී කොළඹ රැඳී සිටින තත්වයක් දක්නට ලැබෙන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.


 

 



අදහස් (4)

මන්ත්‍රී නිවහනේ හිටපු මන්ත්‍රීලා රොත්තක්

පැරකුම් Sunday, 16 July 2023 10:46 AM

ලොක්කෝ එහෙම නම් පොඩ්ඩෝ මොනවා නොකරයිද? වෙන රටවල නම් පාලකයෝ ආදර්ශමත්... ඒකට අපේ රට…!

:       0       8

චේතනා Sunday, 16 July 2023 11:00 AM

පාර්ලිමේන්තුවේ සිටින ජනතා නියෝජිතයන් සඳහා රජයේ නිලධාරින් වෙනුවෙන් අයකරන ආකාරයට නිවාස කුලී අයකරන්නේ නැතෙයි. කොළඹ හා අවට පදිංචි ඇමැතිලාට නිලනිවාස දෙන්නේ මක්කටෙයි, ඇයි මිනිසුනේ නාස්තිය ටික ටිකවත් අඩුකරන්න කටයුතු කරන්න ඔබලාට හිතන්නේ නැද්ද? ඇත්තටම පාර්ලිමේන්තුවේ සිටින ජනතා නියෝජිතයින්ට හැර වෙනත් කිසිවකු සඳහා මෙහෙම ජනතා මුදල් නාස්ති වෙනවා නම් ඒවාට වගකිවයුතු සියලු දෙනාටම දඬුවම් දියයුතුයි.

:       0       3

ravin Sunday, 16 July 2023 12:31 PM

මෙන්න තවත් උදාහරණයක්... මහජන පොදු පිළිගැනීම වන දේශපාලකයින් යනු හොරුථ වංචාකාරයෝ, දූෂිතයෝ... කොටින්ම කිව්වොත් සමාජ විරෝධීන් කියන එකට... මඩු වලිගයෙන් තමයි තලන්න ඕනේ....

:       0       3

KULE Sunday, 16 July 2023 12:31 PM

පවු, යනඑන මං නැති අය. එන මැතිවරණයෙන් පස්සේ තවත් වැඩිවෙයි... මගෙ හිතේ...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 485 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site