IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මන්ත්‍රී නිවාසයකට භූතයෙක්?

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ මන්ත්‍රීවරයකුගේ නිවෙසක් ඉදිරිපිට පසුගිය ( 19) වැනිදා අළුයම සැකකටයුතු ලෙස හැසිරී ඇතැයි පැවසෙන පුද්ගලයකු සම්බන්ධයෙන් පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කරනු ලැබ ඇත.

මන්ත්‍රීවරයා අළුයම නිවෙසින් එළියට පැමිණ ඇති අවස්ථාවේදී මෙම සැකකටයුතු පුද්ගලයා ඒ ස්ථානයෙන් පලා ගොස් ඇති බව දැනුම්දී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මේ සිද්ධිය ගැන විශේෂ අවධානය යොමුකර ඇති බවයි.

මන්ත්‍රීවරයාගේ නිවෙස ආසන්නයේ නිවෙසක ලැගුම්ගෙන සිටි යුද හමුදා නිලධාරීන් පිරිසක් මේ සිද්ධියෙන් පසු එම නිවාස සංකීර්ණයේම වෙනත් ස්ථානයකට යැවූ බවද ඔහු සඳහන් කළේය.

මෙම හමුදා නිලධාරීහු කණ්ඩායම මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා අරගලය අවස්ථාවේදී යොදවනු ලැබූ අය වෙති.

කෙසේ වෙතත් එම හමුදා නිලධාරින් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් ඉවත් කිරීමට නියෝග තවමත් ලැබී නැතැයිද නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (3)

මන්ත්‍රී නිවාසයකට භූතයෙක්?

චමින්ද Saturday, 22 July 2023 09:01 PM

මන්ත්‍රී නිලනිවාස වලට CCTV සවිකළේ නැතෙයි...!

:       0       0

chandima Sunday, 23 July 2023 02:51 AM

භූතයා මන්ත්‍රීතුමා හම්බවෙන්න ඇවිත්ද? නැතිනම් ගෙදර වෙනකෙනෙක් හම්බවෙන්න ඇවිත්ද? බලහත්කාරයෙන් ඇතුළුවෙන්න ආවාද? නැතිනම් එන්න කියපු නිසා භූතයා ආවාද දන්නෙත් නැහැනේ...

:       0       0

Bunny Preena Monday, 24 July 2023 11:54 AM

භූතයා ඉඳලා තියෙන්නේ නම් භූතයින්ට සුදුසුම තැනක තමා ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site