IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මන්ත්‍රී නැතිව සැප ගන්න සෙන්පති නිවෙසට ගිය පිරිසක් පන්නයි

(සුජිත් හේවාජුලිගේ )

නුවරඑළිය මන්ත්‍රී නිවාඩු නිකේතනයේ ( General's House ) පසුගිය සතියේ දිනෙක නවාතැන් ගැනීමට ගිය මන්ත්‍රීවරයකුගේ හිතවතුන් පිරිසක් එහි පාලකයන් විසින් ආපසු හරවා එවනු ලැබ ඇතැයි වාර්තා වේ.

එම නිවාඩු නිකේතනයේ ලැගුම් ගත හැක්කේ මන්ත්‍රීවරයකුට හෝ මන්ත්‍රීවරයකු සමග පැමිණෙන පවුලේ ඥාතීන්ට පමණක් වන අතර මේ පිරිස එහි පැමිණ ඇත්තේ මන්ත්‍රීවරයකු නොමැතිව බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

පිරිස හරවා යැවීමට එහි පාලකයන් කටයුතු කර ඇත්තේ මේ නිසා යැයි කියති.

නුවරඑළියේ මන්ත්‍රී සැප බංගලාව නොහොත් සෙන්පති නිවෙස වෙන් කර ගන්නේ නම් අදාල මන්ත්‍රීවරයා අනිවාර්යයෙන්ම එහි සිටිය යුතු බවටවූ නීතිය පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් පණවනු ලැබුවේ මේ මෑතකදීය.

ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හිතවතුන් මෙම මන්ත්‍රී බංගලාවවෙන්කරගෙන එහි ලැගුම්ගෙන සිටි සෙසු මන්ත්‍රීවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට හිරිහැර වන ආකාරයට සහ නිදහසට බාධාවන අන්දමින් හැසිරී ඇති බවට මන්ත්‍රීවරුන් පිරිසකගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තු ප්‍රධානීන් මෙම තීරණය ගෙන ඇත.

මේ ගැටළුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදීද පසුගියදා දීර්ඝව සාකච්ඡා කර ඇතැයි දැනගන්නට ඇත.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වෙනුවෙන් පිට පළාත්වල ඇති එකම නවාතැන් බංගලාව මෙයයි. මන්ත්‍රීවරයකු වෙනුවෙන් මෙහි එක් කාමරයක් සඳහා දිනකට අය කෙරෙන ගාස්තුව රුපියල් දහසකි.

 



අදහස් (7)

මන්ත්‍රී නැතිව සැප ගන්න සෙන්පති නිවෙසට ගිය පිරිසක් පන්නයි

Nimal Monday, 10 July 2023 11:01 AM

මේ කාලකණ්ණින්ට සැප ගන්නද අපේ බදුමුදල් යන්නේ?

:       2       77

ගීත් Monday, 10 July 2023 11:05 AM

දවසට රුපියල් 1000ක්? ඇත්තටම මේ අයට දෙන සැප වැඩියි.

:       2       61

Tikiri Monday, 10 July 2023 11:07 AM

මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා!

:       15       58

ramani Monday, 10 July 2023 11:08 AM

මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා!

:       9       44

Asanga Monday, 10 July 2023 11:34 AM

රුපියල් දහසකට දිනකට නුවර එලියෙන් කාමරයක් ගැනීම පොදු මජනතාවට කල නොහැක්කකි. එනිසා මෙය මහජන මුදලින් නඩත්තු වන පොදු දේපලකි. මන්ත්‍රී වරප්‍රසාද යනු මහජන වරප්‍රසදයකි. මෙවන් දේවල් බදු දිම හෝ විකුණා දැමිය යතුය​. සැමට විවුර්ත කල යුතුය​

:       2       59

ලුම්බිණි Monday, 10 July 2023 12:43 PM

අහන්නත් ලැජ්ජයි මුන්ගේ වැඩ.

:       0       40

Bunny Preena Monday, 10 July 2023 04:36 PM

දැන් ඔහොම වුණාට පහු පහු වෙනකොට කොහු කොහුම තමයි.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site