IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මන්ත්‍රි ජයන්තගේ යෝජනාවට පැෆරල් පෙත්සමක් ගොනු කරයි

(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා  ඉදිරිපත් කර ඇති මහ නගර සභා පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්තීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් සහ ජනමත විචාරණයකට යොමු කරන ලෙස ඉල්ලා පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රොහාන් හෙට්ටිආරච්චි මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත.

මෙම පනත් කෙටුම්පතෙහි 155 වගන්තිය අනුව දැනට විසිරුවා හැර ඇති පළාත් පාලන ආයතනවල නව මැතිවරණයක් නොපවත්වා එහි මහජන නියෝජිතයන් යළි කැඳවීමේ බලය විෂය භාර අමාත්‍යවරයාට පවරා ඇති බවද පෙත්සමේ සඳහන් වේ.

ඊට හේතු වශයෙන් සඳහන් කර ඇත්තේ වතමන් ආර්ථික අර්බුදය හේතුවෙන් නව මැතිවරණයක් පැවැත්වීම වියදම් අධික කටයුත්තක් වන බැවින්ය.

මේ හේතුවෙන් තම මූලික අයිතිවාසිකම් කඩවන බවත් සර්වජන අයිතිය උල්ලංඝනය වන බවත් පෙත්සමේ සඳහන් වේ.

එබැවින් මෙම පනත් කෙටුම්පත විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් හෝ ජනමත විචාරණයකින් සම්මත කරන ලෙස නියෝග කරන්නැයි පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

 



අදහස් (0)

මන්ත්‍රි ජයන්තගේ යෝජනාවට පැෆරල් පෙත්සමක් ගොනු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1052 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site