(සුජිත් හේවාජුලිගේ)
අරගලකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් නිවාස අහිමි වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට ඒ වෙනුවෙන් වන්දි ලබා ගැනීම තක්සේරු දෙපාර්තමේන්තුවේ සහ හානිපූර්ණ කාර්යාලයේ ප්‍රමාදය නිසා තවදුරටත් කල් යනු ඇතැයි වාර්තා වේ.
අරගලයට සම්බන්ධවූ සහ ඊට ආශීර්වාද කළ මේ ආයතනවල ඇතැම් නිලධාරීන් මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට සිදුවූ හානි ද්වේශ සහගත ලෙස අඩුවෙන් තක්සේරු කර වාර්තා ලබාදීම නිසා ප්‍රමාණවත් වන්දි මුදලක් ලබා ගැනීමට බාධා මතුව ඇතැයිද දැනගන්නට ඇත.
ඉහත සඳහන් කළ ආයතන වල ප්‍රමාදයන් නිසා මන්ත්‍රීවරුන්ට වන්දි ගෙවීම පමාවී ඇති බව මේ කටයුතුවලට සම්බන්ධ ආණ්ඩුවේ නිලධාරීහු ආණ්ඩුපක්ෂ රැස්වීමේදී පසුගියදා අනාවරණය කළහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන සභාපතිවරුන් ඇතුළු සියයකට ආසන්න පිරිසකගේ කෝටි ගණනක නිවාස ඇතුලු දේපළ පසුගිය වසරේ මැයි මාසයේදී සිදුවූ අරගලකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් විනාශයට පත්විය.
දේපල අහිමි වූ මන්ත්‍රීවරුන්ට කොළඹ වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාදී ඇතත් ඒවා ලබා දී ඇත්තේ වසරක කාලයකට පමණි. නිවාස අහිමි වූ ඇතැම් මන්ත්‍රීවරුන් ඥාති මිත්‍රයන්ගේ නිවෙස්වල තවමත් රැඳී සිටින බව දැනගන්නට ඇත.
අහිමිවූ නිවාස වෙනුවෙන් තමන්ට තවමත් වන්දි ලැබී නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට පසුගියදා පැමිණලි කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දය ට පෙර ඕව ගෙවන්න. නතිනම් UNP එක හෝදා පාලුවකට ලක් වෙයි.
උබලත් පාරට බැහැලා ඉල්ලීම් ඉල්ලන්න.
ගෙවල් ගිනිතියපු අය අල්ලලා නඩු දාලා වන්දි ලබා ගන්න. අනෙක් අතට ඔය වගේ රක්ෂණ වන්දි දැනටත් අරන් ඇති. කෙසේ වුණත් ජනතාව හාමතේ ඉන්දැද්දී ඔය වන්දි නොගවිය යුතුයි. ඕව සැලසුම් කරලා කරපු අපරාද. දැන් අන්තිමේ කාගේ කාගෙත් ඇරියස් අහිංසක පොදු ජනතාවට ගෙවන්න වෙන්නේ.
සල්ලි නැහැ. ජනතාවට කියනවා අර්ථිකේ අර්බුදය හින්දා සල්ල නැහැ කියලා. රටේ බෙහෙත් නැහැ. එම නිසා අපි වගේ ඉවසගෙන ඉන්න.
සත 05ක්වත් දෙන්න එපා... ශිෂ්ඨ සමාජ විරෝධී ක්‍රියාවලින් ලබාගත් මුදල් යොදවාගන්න කියන්න. වැඩිපුර ජනයා හාමතේ දිවිගෙවන්නේ...
මොවුන්ට වන්දි දෙන්න අපායන යන්න කියන්න....
ජෙප්පන්ගේ පක්ෂ අරමුදලින් අයකර ගන්න. ජෙප්පෝ බලයට ආවොත් අනික් සෑම පක්ෂයක මිනිසුන්ගේ ගෙවල් ගිතියනවා දේපල පැහැර ගන්නවා මංකොල්ල කනවා. ජෙප්පන්ට බලය දෙන්න එපා.