IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මනෝ උපදේශිකාවගේ සිරුර හෝටල් කාමරයේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක

තලංගම ලැගුම් හලකදී මනෝ උපදේශකවරියකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි තලංගම පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සුජාතා මුණසිංහ මානාභරණ නැමති කාන්තාවකි.

ඝාතනයට ලක්වූ බව කියන කාන්තාව තවත් පිරිමි පුද්ගලයකු සමඟ ඉකුත් 26 වෙනි දින  මෙම ලැගුම් හලට පැමිණ ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඇය සමඟ ලැගුම්හලට පැමිණි පිරිමි පුද්ගලයා පෙරේදා 3  ලැගුම්හලින් පිටතට ගොස් රාත්‍රී යළිත් පැමිණ ඇති අතර පිටතට ගියා දැයි එහි මුදල් අයකැමිවරයාට නිසි මතකයක් නැතැයි පොලිසිය කියයි.

කාන්තාව පෙනෙන්නට නොසිටීම හේතුවෙන් ලැගුම්හලේ සේවකයන්  කාමරයේ දොර කඩා බැලීමේදී කාන්තාව  කාමරයේ ඇඳ උඩු ලේ විලක් මැද මැරී සිටින අයුරු දැක පොලිසියට දැනුම් දී ඇත.

ඇයගේ ගමන් බෑගයේ තිබූ ලිපිනයක් ඔස්සේ සිදුකළ පරික්ෂාවේදී එය හපුතලේ ප්‍රදේශයේ ලැගුම්හලකට අයත් එකක් බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.

ඝාතනයට ලක්වූ කාන්තාව ගේ බවට සිතිය හැකි ඇය විසින් හමුදාවට, පොලිසියට උපදේශන සේවා ලබා දුන් බව සඳහන් ප්‍රවෘත්ති වාර්තා ද ඇය ලැගුම් ගෙන සිටි ලැගුම්හලේ කාමරේ තිබී පොලිසිය මඟින් සොයාගෙන.

ලැගුම්හලේ සීසීටීවී කැමරා ද ක්‍රියා විරහිත වී ඇතැයි පොලිසිය කියයි.

------------------------------------------------------------------------------------------

(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන්)

තලංගම ප්‍රදේශයේ හෝටල් කාමරයක තුළ තිබී ගෙලකපා ඝාතනය කළ බවට සැකකරන මනෝවිද්‍යා උපදේශකවරියකගේ මලසිරුරක්  අද (4) දහවල් සොයාගත් බව තලංගම පොලිසිය කියයි.

මෙම කාන්තාව බාහිර කථිකාචාර්යවරියක වශයෙන් කටයුතු කරන  අතර ඉකුත්(26) දින සිට මෙම හෝටලයේ කාමරයක  නවාතැන් ගෙන ඇති බව පොලිසිය කියයි.

ඇය පිළිබඳව පිළිතුරක් නොවූයෙන් හෝටල් සේවකයන් දොර විවෘත කර බැලීමේදී කාන්තාවගේ මළ සිරුර එහි තිබී සොයාගෙන ඇත.

 



අදහස් (4)

මනෝ උපදේශිකාවගේ සිරුර හෝටල් කාමරයේ

lalith Monday, 04 September 2023 02:12 PM

කපලනේ තියෙන්නේ. ඕක ගිහින් ජනාධිපතිටයි, ඇමැති මණ්ඩලයටයි, පාර්ලිමේන්තුවටයි පෙන්නන්න...!

:       18       6

Rata Perata Monday, 04 September 2023 03:06 PM

රටේ නීතිය බල්ලාට ගිහින්. අධිකරණය, පාර්ලිමේන්තුව, විධායකය යන ඔක්කොම කාලකණ්ණි කරලා ඉවරයි... මේ අමන රැළ... තවත් කතාකරන්නේ නැතිව හිටියොත් අනාගත පරම්පරාවට මොකද වෙන්නේ? රටේ ඉහළම එකාගේ ඉඳලා, ඉහළම පැළැන්තියේ කෙනෙක් නීතිය ගණන් ගන්නේ නෑ...

:       5       18

de silva Tuesday, 05 September 2023 07:39 AM

දෙන්නා එක්ක කාමරේට ගිහින් අලුත් ක්‍රමයට ප්‍රතිකාර කරනකොට වැඩේ පොඩ්ඩක් අවුල් වෙලා

:       0       0

sarath Tuesday, 05 September 2023 07:42 AM

පොලිසියට මනෝ විද්‍යාත්මක උපදෙස් දෙන්නේ විනයක් නොමැති මෙවැනි පුද්ගලයෝ නම් සමහර පොලිස් නිලධාරීන්ගේ හැසිරීම ගැන පුදුම වෙන්න අවශ්‍ය නැහැ.වට නියරත් ගොයම් කෑ නම් කාට කියම්ද මේ අමාරුව ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 837 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site