(හර්ෂණ තුෂාර සිල්වා)
මාධ්‍යවේදීන්ට සහ මාධ්‍යවලට දිය යුතු නිසි තැන සම්බන්ධයෙන් මීළඟ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව වැඩි සැලකිල්ලක් දැක්විය යුතු යැයි උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අද (6) පැවැසීය.
දේශපාලනයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ පෙරගමන්කරුවන් බවට පත්විය යුතු මාධ්‍ය අද ව්‍යාපාරයක් බවට පත්ව ඇතැයි ද සුරේන් රාඝවන් මහතා කීවේය.
බත්තරමුල්ල උතුරු පළාත් ආණ්ඩුකාර උප කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ආචාර්ය සුරේන් රාඝවන් මහතා එම කරුණු කීය.
එහිදි අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා මෙසේ ද කීය.
“මාධ්‍ය යනු දේශපාලනයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ පෙරගමන්කරුවන් ලෙස සලකනවා. එහෙත් අද මාධ්‍ය ව්‍යාපාරයක් බවට පත්වෙලා. ප්‍රජාතන්ත්‍රවාදයේ පෙරගමන්කරුවන් ව්‍යාපාරයක් බවට පත්වූ විට එහි ගුණාත්මකභාවය පිළිබඳ ගැටලුවක් ඇතිවෙනවා.
රජය හෝ පෞද්ගලික අංශය මාධ්‍යවේදීන් වෘත්තිකයන් ලෙස පිළිගන්නේ නැහැ. එය විශාල අඩුපාඩුවක්. ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගමයවත් ඒ පිළිගැනීම ලබා දී නැහැ. මා මේ ගැන නිරන්තරයෙන් කතා කරනවා.
මෙය අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ තිබෙන විශාල අඩුපාඩුවක්. ප්‍රතිපත්ති තීරණ ගන්න හැමෝගෙන්ම, මීළඟ ජනාධිපතිවරයාගෙන් ඊළඟ ආණ්ඩුවෙන් මාධ්‍ය පිළිබඳ තිබෙන සැලකිල්ල, මාධ්‍ය හා මාධ්‍යවේදීන්ට ලබාදෙන තැන ගැන සැලකිල්ලක් දක්වන්නැයි අපි ඉල්ලා සිටිනවා. ඒ ගැන ඕනෑකමින් බලන්න ඕනේ. මාධ්‍යයට හා මාධ්‍යවේදීන්ට වෘත්තීයභාවයක් ලබාදෙන්න ඕනේ.
මොකද අපේ රටේ අනාගතය රඳා තිබෙන්නේ මාධ්‍ය පෙරගමන්කරුවන්ගේ හැසිරීම මතයි”.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මාධ්‍යයට දිය යුතු නිසි තැන ගැන මීළඟ ජනපතිවරයා සැලකිල්ලක් දැක්විය යුතුයි