IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මධ්‍යම පළාත් සභා හිටපු විපක්ෂ නායකට ඇප

(රෝෂන් තුෂාර)

රජයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් 350,000ක මුදලක් ලබාගත්තේ යැයි කියන මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක දොන් හරින්ද්‍ර චානක අයිලප්පෙරුම ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අදb(28) නියෝග කළාය.

රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමටද නියෝග කළාය.

සැකකාර විපක්ෂ නායකවරයා  පැමිණිලිකරුවන්ගේ දරුවන්ට රැකියා ලබා දෙන බවට පවසා 2019 වසරේ දී ලබා ගන්නා ලද මුදල් 2022 වසරේදී සිදුවූ වරද පිළිගනිමින් ආපසු ගෙවා ඇති බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ කරුණු සැලකිරීම් හා අල්ලස් කොමිසමේ විමර්ශන අවසන් බවට කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඇප නියම කළාය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ විදුලි බල මණ්ඩලයේ රැකියා ලබා දෙන බවට පවසා 2019 වසරේදී පුද්ගලයන් දෙදෙනකුගෙන් රුපියල් 200,000ක් සහ රුපියල් 150,000ක මුදල් ඉල්ලා ලබාගනිමින් අල්ලස් පනතේ දූෂණය නම් වරද සිදුකිරීමට එරෙහිව සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 26 වැනි දින අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් සැකකරු එදින මහනුවර මහේස්ත්‍රාත් වරයාට ඉදිරිපත් කිරීමෙන් පසුව අද (28) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

 



අදහස් (2)

මධ්‍යම පළාත් සභා හිටපු විපක්ෂ නායකට ඇප

Neel Friday, 28 March 2025 03:42 PM

මේක තමයි තීත්ත ඇත්ත...

:       1       18

dds Friday, 28 March 2025 06:07 PM

රජයේ සේවය පුරවලා තියෙන්නේ ඔය වගේ වංචාකාරයින් තමයි. ඔය ක්‍රමේට රස්සාවලට යන්නෙත් නුසුදුස්සෝ...! රාජ්‍ය සේවය අකාර්යක්ෂම වෙන එක ඉතින් පුදුමයක්ද?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 232 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site