(අංජුල මහික වීරරත්න)
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරේ කිලෝමීටර 41න් 37කම වැඩ යහපාලන ආණ්ඩුව විසින් අවසන් කර තිබූ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය .
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කිලෝමීටර 41ක දුරෙන් කිලෝමීටර් 37ක් ඉදිකිරීම සඳහා යහපාලන රජයට ගත වූයේ වසර දෙකක් පමණක් බව කී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වත්මන් ආණ්ඩුවට ඉතිරි කිලෝ මීටර් හතර ඉදිකිරීම සඳහා වසර දෙකකට ආසන්න කාලයක් ගත වූ බවද සඳහන් කළේය.
කෙසේ වෙතත් මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරේ වැඩ අවසන් කිරීම ගැන සතුටු වන බව කී කිරිඇල්ල මහතා එදා තම ආණ්ඩුවෙන් ඉදිකළ මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවනි අදියරේ කිලෝමීටර් 37ක කොටස කන්ද උඩරට මල්වතු අස්ගිරි භික්ෂූන් වහන්සේලාට ද දැක බලා ගැනීමට සැලැස්වූ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙමනම් ඔබතුමාගේ ගිණුම් හිස් ඇති
දෙගොල්ලොන්ටම බොහොම පින්. ගෙදරින් ගෙනල්ල මේවා අපි වෙනුවෙන් කරනවට
ඔව් අපි දන්නවා . හිත මිතුරන් ට දීපු කොමිස් වල ගනන් මිමිත් ඔය එක්කම කියන්න . අතයට ගහපුව එහෙමත් හෙළි කරන්න .
රටක් හදනවා කියන්නේ කිලෝ මීටර් 37 ක පාරක් හදන එක නොවෙයි .දන්නේ නැත්නම් තව සැරයක් ඉස්කෝලේ ගිහින් දේශපාලනය සහ ආර්ථිකය හදාරන්න .
ඉතින් මොකද ගැටලුව මේක කරේ යහපාලනද යමපාලද දැන් ඉන්න
හැදුවානම් ඇයි ඒකාලේම විවෘත නොකලේ? එතකොට කොට්ටාව සිට කඩවත දක්වා කොටස ඔබතුමා විවෘත කලා නේද, එක ඕගොල්ලෝ හැදුව කොටසක් නෙමේද?
මොකා හැදුවත් අපේ සල්ලිනේ. ඔව හදන්න තමයි ඔගොල්ලන්ට ලොකු පඩි, මාලිගා වගේ වාහන, ඉන්න ලොකු බංගලා අපේ ගානෙ දීලා තියෙන්නෙ
එහෙනම් යහපාලනේ කට්ටියටම ඔය ණය උගුලේ ණය ටිකත් භාර දුන්නනම් හරි
ඔයාලා අධිවේගේ හදපු හැටි රටේ ජනතාව හොඳින් දන්නවා, ඒ නිසානේ ගෙදර යැව්වේ
අවුරුදු 4 1/2කට කිලෝමීටර් 37ක් නේද
ඕන මෝඩයෙක් දන්නවා ඒක
ඕන ගොනෙකුට පුලුවන් පාරවල් හදන්න කුමා