(සුජිත් හේවාජුලිගේ)
මැතිවරණයකට බාධා කිරීමේ වරදට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් යටතේ අවුරුදු තුනක් හිරේට යවන බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මැතිවරණයකට බාධා කරන ඕනෑම නිලධාරියකු හෝ පුද්ගලයෙකු වසර තුනක් හිරේට යැවිය හැකි වරදක් බව පැවසූ මන්ත්‍රීවරයා ඡන්දයට අයවැයෙන් කල්තියා මුදල් වෙන් කර ඇතැයිද ප්‍රකාශ කළේය.
මේ අතර සීනි බදු වංචාවෙන් නැති වූ මුදල් වලින් ඡන්ද දෙකක් කළ හැකි බවත් රටේ මුදල් නැති කළ පිරිස ගෙදර යැවීම සඳහා පළාත් පාලන ඡන්දය අනිවාර්යෙන්ම තැබිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.
අනුර දිසානායක මහතා මෙසේ පැවසුවේ කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලුවලාවේ සුදු ඡායාවක් පේනවා ඉවසා බලාගෙන ඉන්නම් .ඡන්දයට පෙර භාගයක් වත් අපේක්ෂා මතුවුනොත් හොදයි.
ඒ ඔයා අවොත්නේ. අපි ආවෙත් එල්ලුම්ගස් යවනවා.
"ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් යටතේ අවුරුදු තුනක් හිරේට යවන බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය." දවල් හීන.
දැන් එතකොට නීතිිප්‍රකාරව නඩු ඇහිල්ලක් ඕන නැද්ද අනාගත ජනාධිපතිතුමා? නීතිිය වෙන්නෙ ඔබතුමාගෙ නියෝග ද?
He was telling same thing in 2015 (always with Ranil Wickramasinghe) . No one has sent to jail. Don't try to fool us...
අපි මේ පාර ඔබලාට ඡන්දය දෙනවා.හැබැයි දැන් කියන දේ බලයට ආවහම කරන්න ඕනා.
එතකොට අර දසක 5/4 පෙර රණවිරැවන් සහ අහිංසක පුරවැසියන් ඝාතනය කළ 21 සියවසේ තෙවන දශකයේ මිනීමරැ පාදඩ ජෙප්පන්ව උංගෙ ආයුධ හෝදන්න එක්ක යංනේ නැතෙයි.
ඔබ හරියටම හරි.එක එක හම්පඩ නාකි දේශකාපාලුවන්ගේ ටෙලිෆෝන් කෝල් වලට දෙකට නැමිලා වැරදි තීරණ ගත්ත ඔක්කොම නිලධාරීන්ට හිර ගෙදර හොඳ වැඩියි...උන්ව එළිමහන් සිර කඳවුරුවල වගාවන් කිරීමට යොමු කලයුතුයි,,මොකද මුන්ට හිර ගෙදර තියාගෙන කන්න දෙන්නේ වෙන්නේ මිනිස්සුන්ගේ මුදල් වලින්....එය වෙනස් කලයුතුයි..පාරවල් හදන්නත් මේ හොරුන්ව පාවිච්චි කළ හැක.
නීතියට අනුව ඔය ලේකමාලා දෙන්නාටම අවුරුදු 3 කට කුරු ගනින්න යන්න සිදුවෙනවා.
අනුර සහෝදරයා ඔය කියන දේවල් ඒ විදිහටම කරන්න ඕනා. ජාතික ජනබලයට ජය වේවා!!!
දැනුයි දැනගත්තේ බලය ලැබුනහම නඩු අහල හැමෝවම හිරේ දාන්න පුළුවන් කියල . ඒ එක්කම මෙතෙක් කල් වියදම් කරපු සල්ලිත් , රැකියාවක් නැතුව මුදල් හෙව්වේ කොහොමද කියන එකට නඩු දාගන්න ඉස්සර වෙලා, ජනතාවට ආදර්ශයක් වෙන්න . දුෂිතයන්ට දඩුවම් කරන්න ඕන , ඒක හරි . නමුත් ඔබ නඩු අහන්න යන්නේ චන්දෙ ගන්න ජනතාව රවටන්න , අර, ලග තියාගෙන ඉන්න ලිපිගොනු වගේ . අනික මතක තියා ගන්න , අරගලය ඔබේ නෙමේ , ලකුණු ගන්න හැදුවට . පීඩිත ජනතාවගේ . රටක් බේරා ගැනීමට උතුරේ යුද්දයක් තියෙද්දී , දකුණේ යුද්දයක් ආරම්බ කලේ කාගෙන් ලැබුණු කප්පමක් මතයි ද කියල නඩුවකුත් දාගන්න .
කවුද මේ? ඕවා කරන්න පුළුවන්ද පළාත් පාලන ඡන්දෙන්?