
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.
ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට
භාරදී ඇතැයි වාර්තාවේ.
මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වුණු සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්කිරීමට නියමිතය.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධූරය දැරූ මහින්ද සිරිවර්ධන මහතා පසුගියදා විශ්‍රාම ලැබූ අතර ඔහු ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ ධූරයක වැඩ භාර ගැනීම සඳහා පිටත්ව යෑමට නියමිතය.
සූරියප්පෙරුම මහතා කළමනාකරන ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනයේ ( CIMA) සාමාජිකයෙකු ලෙස සුදුසුකම් ලබා කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් එම්බීඒ උපාධිය සහ කළමනාකරණ සහ විද්‍යා විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර ජාලකරණය සහ කාර්ය සාධනය පිළිබඳ ආචාර්ය උපාධිය ගත්තේය.
පෞද්ගලික අංශයේ මූල්‍ය හා පරිපාලනයට අදාළ අායතන රැසක සේවය කර ඇති ඔහු 2013 සිට 2021 දක්වා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ ආයතනික කටයුතු අධ්‍යක්ෂ ලෙසද කටයුතු කළේය.
හෙතෙම 2022 සිට ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජිකයෙක්ද විය.
ඔහු 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරනු ලැබීය.
මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට හර්ෂණ සූරියප්පෙරුම මහතා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුවද එය ව්‍යාර්ථ විය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වෙනුවෙන් වැඩ කරන මිනිසුන්ට තනතුර වරදාන වරප්‍රසාද අදාලම නැති බව නැවත වරක් ජාතික ජනබල වේගයේ සමාජිකයින් රටට පෙන්නුවා..!
වැඩිපුර කයිවාරු නැති, හොඳ උගත් බුද්ධිමත් කාර්යශුර ලාංකීය පුත්‍රයෙක්. සුබපැතුම් හර්ෂණ !!!
ඔය කරලා තියෙන්නේ. ඇතෙක් වෙනුවට කොටලුවෙක් දාලා. මෙයා තමයි ආපහු අය කරගන්න ක්‍රමයක් නොදැන, ලෝකයේ පළමුවරට, ඇප නැතුව ණය දෙන්න ලෑස්ති වෙන්නේ...
සිස්ටම් චේන්ජ්. මෙයාට දෙන්න යන්නේ දේශපාලන පත්වීමක් නෙමෙයි. එහෙම බැලුවාම හරියටම සිස්ටම් චේන්ජ් කලේ රනිල්. මොකද රනිල් හිටපු පරිපාලනයම කළමණාකරණය කරගෙන පෝලිම් යුගය නැතිකළා.
මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරයට පත්කළ යුත්තේ ආර්ථික විෂය පිළිබඳ ප්‍රවීණයෙක් මිස ගණකාධිකාරි වරයෙක් නොවෙයි. කබ්රාල් මහතාත් ආර්ථික විෂය පිළිබඳව ප්‍රවීණයෙක් නොවූ හේතුවෙන් රට වැටෙන බව හරි හැටි අවබෝධ කරගත්තේ නැහැ...
ජය වේවා ! රටම මාලිමාකරණයට.