( තිස්ස කොටින්කඩුව)
ජාඇල-මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයේ මුදල් ඔට්ටුවට තම ත්‍රිරෝද රථ වලින් රේස් පැද්ද පුද්ගලයින් 5 දෙනෙකු සහ රේස් නැරඹු තවත් තරුණයන් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ජාඇල පොලිසිය පවසයි.
පොලිසියට ලද තොරතුරක් මත මේ මහ රැම වැටලීම සිදුකොට ඇති අතර මිට ප්‍රථම මෙම මාර්ගයේ මේ අන්දමින්ම අනතුරුදායක ලෙස කිපවතාවක් මුදල් ඔට්ටුවට තරග පවත්වා ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් සිදුකල වැඩිදුර විමර්ශන කටයුතු වලදි අනාවරණය වු බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් වයස අවුරුදු 20-30අතර ඒකල,සිදුව,කදාන සහ ජාඇල ප්‍රදේශයේ පදිංචි තරුණයන් බවද පොලිසිය පවසයි.
සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd