(යොහාන් භාසුර)
මුදල් අමාත්‍යවරයා සහ සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජිතයන් අතර අද (16) පස්වරුවේ පැවති සාකච්ඡාව අසාර්ථක වූ බවත් සෞඛ්‍ය වෘත්තීය සමිතිවල යෝජනා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා නැවත මෙරටට පැමිණෙන තුරු කල් ඉල්ලා සිටි බවත් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ මහතා පැවසීය.
සෞඛ්‍ය වෘත්තිය සමිති සංධානයේ යෝජනාව මුදල් අමාත්‍යවරයා පිළිගත් බව ද රවී කුමුදේශ් මහතා කීය.
දැනට ක්‍රියාත්මක වර්ජනය හෙට පෙරවරු 8.00 ට තාවකාලිකව අත්හිටුවුවද, දින 14කින් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සඳහා අනුමැතිය ලබාගැනීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සංධානයේ මහ සමුළුවක් අනිද්දා (18) කැඳවන බවත් රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වර්ජන කරන කාලකන්නි ජෙප්පන්ට හෙන වැඩියන් ... උන්ගේ පවුල් වලට දරුවන්න්ට නෑයන්ට ... අල්ලපු ගෙවල් වල උන්ටත් හෙණ වැදියන් ....
ප්‍රාදේශිය ලේකම්ට දෙන නිල වාහනය හා අනෙකුත් පහසුකම් ග්‍රාමසේවකටත් දෙනව නම්, ඒ වගේම විනිසුරු වරුන්ට දෙන වාහන පහසුකම් උසාවියෙ මුදලිටත් දෙනව නම් ඇයි බැරි දොස්තරලට දෙන වැටුපයි පහසුකම් ටිකයි ඔය ඉස්පිරිතාල වල ඉන්න හැම සේවකයතටම දෙන්න? එතකොට දොස්තරලත් උපස්තායකයො හරි නැතිනම් එම් එල් ටි අය වෙන්න ඉල්ලාවි.
විසේසඥ වෛද්‍යවරු රට යන එක නවත්තා ගන්නයි ඔය දීමනාව දුන්නේ. ඔබලාට ලැබෙන්නේ නැතිනම් රට යන හැටි අපි පෙන්වමි කියලා සෞඛ්‍ය සේවයම අරගෙන රට යනවල්ල. තමුසෙලාට දීපු ගමන් ඉලන්න අත් මැදගෙන අනික් රජයේ සේවකයෝ බලන් ඉන්නේ. 20000 දෙන්න බැරි රටේ තමුසෙලා 35000 ඉල්ලනවා. ජෙනරාල්ට දීපු දීමනාව සොල්දාදුඋන්නැහේත් ඉල්ලනවා.