
(සුමිත් පොතුපිටිය )
පානදුර මාදුපිටිය ප්‍රදේශයේ පදිංචි දී 19 හැවිරිදි තරුණයෙකුට කඩුවකින් පහරදී ඝාතනය කිරීම සහ 24 හැවිරිදි වැඩිමහල් සොහොයුරා ගේ මුඛ ප්‍රදේශයට කඩුවකින් පහරදී මාරාන්තික තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් මාදුපිටිය මනුෂ්‍ය ඝාතන නඩුවේ දෙවන ව්ත්තිකරු වරදකරු කළ පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා විසින් අද (20) චූදිතට මරණ දඩුවම නියම කලේය.
කලක් පානදුර මහවිල ප්‍රදේශයේ පදිංචිව සිට ඉන් පලාගොස් හලාවත, ඉහළ වීරකොඩියාන ප්‍රදේශයේ පදිංචිව සිටී කුරුප්පු ආරච්චිගේ චින්තක මධුභාෂණ නමැති 38 හැවිරිදි පුද්ගලයකු හට මෙසේ මරණ දඩුවම් නියම කෙරිණි.
චූදිත 2015 අගෝස්තු මස 10 හෝ ඊට ආසන්න දිනකදී පානදුර මහවිල ප්‍රදේශයේ දී බොකරගොඩ ගමගේ පසිදු මධුෂාන් යන අයගේ ගෙලට කඩුවකින් පහරදී ඝාතනය කිරීම සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන බොකරගොඩ ගමගේ චතුරංග යන අයගේ මුඛ ප්‍රදේශයට කඩුවකින් පහරදී මාරාන්තික තුවාල සිදුකර ඇති බැවින් අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික සාක්ෂි විභාග කිරීමෙන් පසු නීතිපති වරයා ව්සින් මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි .
නඩුව විභාග වන අතරතුර මහාධිකරණය මගහැර සිටී අතර, චූදිත නොමැතිව පසුගිය ජනවාරි 31 දින වරදකරු කරමින් මරණ දඩුවම නියම කර තිබුණි.
ඉන්පසු ඔහු හලාවත, ඉහළ වීරකොඩියාන ප්‍රදේශයේ පොල්වත්තක සැගව සිටියදී පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන පානදුර මහාධිකරණයට ඉදිරිපත් කර තිබූණි.
2025 දෙසැම්බර් මස 04
710
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාදුපිටිය මනුෂ්‍ය ඝාතන නඩුවේ චූදිතයා පෝරකයට
Bunny Preena Thursday, 21 August 2025 10:14 AM
මගේ අම්මෝ අවුරුදු 10ක් ගත වෙනවා කියන්නේ බොහොම කාලයක්. ලේසියෙන් ඔප්පු කළහැකි මිනිස් ඝාතන සහ ස්ත්‍රී දූෂණ වැනි අපරාධ සම්බන්ධ නඩු කල් නොදමා කෙටි කලකින් විසඳා තීරණ දෙන්න පුළුවන් ක්‍රමයක් ගැන අධිකරණ ක්ෂේත්‍රයේ අය කල්පනා කළොත් හොඳ නැතිද ?