(විමුක්ති එස් රුද්රිගු)
ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදිගේ රජයට එරෙහිව විපක්ෂ සන්ධානය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව අද(08) පාර්ලිමේන්තුවේදී විවාදයට ගනු ලැබ ඇත.
පසුගිය 26 වැනිදා මෝදි රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙන ආ කොංග්රස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී ගෞරව් ගොගෝයි විවාදය ආරම්භ කළේය.ලබන 10 වැනිදා විවාදය අවසන් වීමෙන් පසුව ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත.
නමුත් භාරතීය ජනතා පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්යාවක් තිබෙන බැවින් විශ්වාසභංග යෝජනාව පරාජ වීමට අවස්ථාවක් නොමැති බව දේශපාලන විචාරකයන් පෙන්වා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd