
අදියර හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ තෙවැනි අදියර අද (7) උදෑසන ආරම්භ වූ අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද උදෑසනින් ම සිය ගම් පළාත වන ගුජරාට ප්‍රාන්තයේ, අහ්මදාබාද් නුවර, රානිප් ඡන්ද මධ්‍යස්ථානය වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍ය මෝදි නියෝජනය කරන්නේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයයි. භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය මෙවර මැතිවරණය ද විශිෂ්ට අයුරින් ජය ගැනීමට සූදානම් වන අතර මෝදි පිටපිට තෙවැනි වරටත් අග්‍රාමාත්‍ය ධුරය අපේක්ෂාවෙන් පසුවෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා ජනතාවගේ ඡන්දෙන් පත් උන නායකයෙක් උනාට, අපට ඉන්නේ ජනතාවගේ ඡන්දෙන් පරාද වෙලා, හොරුන්ගේ ඡන්දෙන් පත් උන නායකයෙක්.... මෙතුමා ජනතාව ආරක්ෂා කරන්න බැදිලා ඉන්නවා වගේ අපේ රටේ නායකයා හොර කල්ලිය ආරක්ෂා කරන්න බැදී සිටිනවා...වැඩකරන ජනතාව හිඟන්නෝ වෙලා හොර කල්ලිය ඇතුළු ඔවුන්ගේ සහචරයෝ සල්ලිකාරයෝ වෙනවා මේ රටේ....මහජන ඡන්දෙන් පරාද වෙලා රටේ ජනාධිපති වෙන්න පුළුවන් රටක් මේ ලෝකේ කොහේ හෝ තියනවා නම් කරුණාකර දන්නා කෙනෙක් මාව දැනුවත් කරන්න....ඉන්දියානු ජනතාවට ප්‍රෞඩත්වය එක්කල මෝඩි ජනාධිපති තුමාට ජයවේවා!!! ලංකාවේ තක්කඩි දේශපාලකයින්ට භංග වේවා!!!