
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් හෙට (30) පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව අගමැතිවරිය කර ඇති ඉල්ලීමක් අනුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9.30 කැඳවනු ලැබේ.
රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය ප්‍රකාරව එක් එක් වර්ෂයේ ජුනි 30 හෝ එදිනට පෙර ආණ්ඩුව මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයක් නිවේදනය කිරීමේ අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා පාර්ලිමේන්තුව මෙසේ කැඳවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
ඒ අනුව පැවැත්වෙන සභාව කල් තබන අවස්ථාවේ විවාදය හෙට පස්වරු 4.30 දක්වා පැවැත්වේ.
මේ අතර පාර්ලිමේන්තුව මීළඟට ලබන මස 8,9 සහ 11 වැනිදා රැස්වීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. පාස්කු ඉරැදින ප්‍රහාරය සම්බන්ධ සභාව කල්තබන අවස්ථාවේ විවාදය ලබන මස 9 බදාදා පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd