(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවේ දුරකථන පාවිච්චියද රටේ ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන හැකිතාක් සීමා කරන ලෙස පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා එහි සියලු අංශ ප්‍රධානීන්ට චක්‍රලේඛයක් යවමින් පසුගිය සතියේදී උපදෙස්දී ඇත.
මේ අනුව පාර්ලිමේන්තුවේ දුරකථනවලින් පෞද්ගලික දුරකථන ඇමතුම් ලබා ගැනීම නොකරන ලෙස සේවක සේවිකාවන්ට දැනුම් දුන් බව එහි අංශ ප්‍රධානියෙක් ලංකාදීපයට පැවැසීය.
පාර්ලිමේන්තුවේ විදුලිය සහ ලිපි ද්‍රව්‍ය පරිහරණයද සීමා කරන ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයා එහි අංශ ප්‍රධානින්ට මෙයට පෙර උපදෙස්දී තිබිණ.
මෙයට අමතරව පාර්ලිමේන්තුවේ ආහාර නාස්තිවීම හැකිතාක් අඩු කිරීමට පියවර ගන්නා ලෙස මහ ලේකම්වරයා ආපනශාලා අංශයේ ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.
පාර්ලිමේන්තුවේ දෛනිකව පිළියෙල කෙරෙන ආහාර වර්ග ප්‍රමාණද ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන අඩු කරනු ලැබ ඇතැයි ආපනශාලා අංශය නිලධාරීහු පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු වැඩ. ඕවායින් මහ ලොකු ගාණක් ඉතුරු කරන්න බැහැ. වඩා වැදගත් මහා පරිමාණ දූෂණ, වංචා වැළැක්වීම සහ එවැනි මුදල් යලි රටට ලබාගැනීම...
මේ අනුව පාර්ලිමේන්තුවේ දුරකථනවලින් පෞද්ගලික දුරකථන ඇමතුම් ලබා ගැනීම නොකරන ලෙස සේවක සේවිකාවන්ට දැනුම් දුන්නද ඔවුන් එය එසේ කරාවිද? පෞද්ගලික දුරකථන ඇමතුම් ලබා ගැනීම කරන්නා වූ සියලු දෙනා සොයා බැලීම ඉතාම පහසු වේ. දුරකථන බිල ලැබුණු පසු කුමන දෙපාර්තමේන්තුවකට අයත් දුරකථනයෙන් අවුට්ගොයින් කෝල් කර තිබේද? කොපමණ මිනිත්තු කතාකර තිබේද කියා සොයාබලා එම දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයාට එම ගෙවීම කිරීමට සැලැස්විය යුතුවේ. දියුණු ලෝකයේ තිබෙන්නා වූ තාක්ෂණය අනුව ඕනෑම දෙයක් කළ හැකිවේ. දෙවනුව පාර්ලිමේන්තුවේ ආපනශාලාව විවෘත කළ යුතුවන්නේ දහවල් ආහාරය සඳහා පමණි.. ඒ සඳහා 11: 30am to 1:30pm දක්වා විවෘතකර තැබීම ප්‍රමාණවත් වේ. දෙවනුව තේ හෝ කෝපි සඳහා උණුවතුර මැෂින් ආපනශාලාව තුළට ලබාදී, එවිට ඕනෑම කෙනෙකුට අවශ්‍ය තේ හෝ කෝපි ලබාගැනීමට පහසුකම් ලබාදිය යුතුවේ. නොමිලයේ කිසිඳු ආහාරපාන ලබාදීම නවත්වා ඒ සියල්ල සහන මිලකට ලබාදීම කළයුතු වේ. නොමිලයේ ලබාදීම නාස්තිවීමට මූලිකම හේතුව වේ.
රජයේ සේවකයින්ට උපහාර දුරකථන ක්‍රමයක් හඳුන්වා දුන්නේ පුද්ගලික ඇමතුම් ගැනීමට කියලා අමතක වෙලා වගේ. ඒවා තියාගෙන රජයේ දුරකථන පාවිච්චියට ගන්නවා නම් උපහාර ක්‍රමය වහාම නවතන්න දුරකථන පමණක් නොවෙයිනේ පාර්ලිමේන්තුවේ සේවකයින් සඳහා ආහාර ලබාදීම හා තවත් පහසුකම් රාශියක් තියෙනවා. අනෙක් රාජ්‍ය සේවකයින් සඳහා තිබෙන පහසුකම් පමණක් පාර්ලිමේන්තුවේ අයටත් දුන්නාම හොඳටම ඇති. ඒ වගේම පලා බබාලාගේ එහෙම පහසුකම් ගැනීමද වහාම නවතන්න. ඉක්මණින් බැරි නම් පළාත් සභා අහෝසි කරන්න. පළාත් සභා කියන්නේ නාස්තියේ උල්පතකි..