IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මැතිසබා කමිටු හැටක පුටු තවමත් හිස්

 

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

නවවෙනි පාර්ලිමේන්තුවේ  තෙවැනි සභාවාරය ජනාධිපතිවරයා විසින් විවෘත කරනු ලැබ මාසයකට ආසන්න කාලයක් ගතවී ඇතත් කෝප්, කෝපා  ඇතුළු එහි කමිටු 60කට වැඩි සංඛ්‍යාවක් තවමත් පත්නොකර හිස්ව පවතින බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ජනාධිපතිවරයා විසින් විවෘත කරනු ලැබුවේ පසුගිය තුන්වැනිදාය.

මේ කමිටු පත් කිරීම මෙසේ  ප්‍රමාද වීමට හේතු වී ඇත්තේ ඒ ඒ දේශපාලන පක්ෂ විසින් කමිටු සඳහා නාමයෝජනා ඉදිරිපත් කරනු ලැබීම  පරක්කු කිරීම නිසා බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.

දැනට  පත් කරනු ලැබ ඇත්තේ කමිටු තුනක් පමණි.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව,තේරීම් කාරක සභාව සහ මුදල් කාරක සභාව  එම කාරක සභා තුනයි.

මේ අතර කෝප්, කෝපා ඇතුළු පාර්ලිමේන්තු කමිටු බොහොමයකට සභාපතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ අතර විශාල කඹ ඇඳීමක් හටගෙන තිබෙන බව වාර්තා වේ.

කෝප් ,කෝපා  ඇතුළු ප්‍රධාන කමිටු වල සභාපති ධූර විපක්ෂයට ලබාදිය යුතු බව විපක්ෂයේ දේශපාලන පක්ෂ කතානායකවරයාට පෙන්වාදී ඇත. එහෙත් ආණ්ඩු පක්ෂයේ  බොහෝ මන්ත්‍රීවරුන් ඊට එකඟත්වය පළ කර නැතැයි වාර්තා වේ.

මේ අතර පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කර ආංශික අධීක්ෂණ කාරක සභා නැවතත් පිහිටුවීමට කටයුතු කරගෙන යන බව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

පාර්ලිමේන්තුව සඳහා ස්ථාවර කාරක සභා තවත් තුනක් ජනාධිපතිවරයාගේ තීරණයක් අනුව  පිහිටුවීමටද  අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (2)

මැතිසබා කමිටු හැටක පුටු තවමත් හිස්

ravin Saturday, 27 August 2022 11:28 AM

ටික කාලයකට හරි ජනතා මුදල් ඉතුරු වේවී. එදා මෙදා තුර පත් කරන ලද ඔය කමිටු කීයකින්, කොතෙක් ප්‍රතිඵල ලැබී ඇතිද? ඔය කමිටු වලින්, හරි හමන් වැඩක් සිදුවෙනවා නම් අද රට මෙම තත්ත්වයට පත් වේවිද? මොනයම්ම දෙයකටවත් ජාතික ප්‍රතිපත්තියක් තිබෙනවද?

:       0       0

ගණිත සූත්තරය Saturday, 27 August 2022 05:54 PM

මැති ඇමැති වාහන 225 x බොඩිගාඩ් වාහන 225 = වාහන 450 කි.! මසකට යන වියදම හා නඩත්තුව ගණිත සූත්තරයකට දැම්මාම තෙල් නැවකට ඩොලර් ගෙවන සල්ලි හා සමානයි..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 424 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site