(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
බදු එකතු කිරීමේ ක්‍රියාවලියේ ගැටලු සොයා බැලීමට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සාමාජිකයෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක ඊයේ (13) නිරත වූහ.
බදු එකතු කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සදහා අවශ්‍ය තාක්ෂණික මගපෙන්වීම සහ සහයෝගය දීමට සූදානම් බව එම කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක මහතා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩී.ආර්.එස් හපුආරච්චි මහතාට එහිදී දැනුම් දුන්නේය.
ඒ සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසටද කාරක සභා සභාපතිවරයා ආදායම් බදු කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාද මෙම සංචාරයට එක් විය.
රජයට ආදායම් දෙන ප්‍රධානතම ආයතනය ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පවතින දුර්වලතා හදුනාගනිමින් රාජ්‍ය බදු ආදායම ඉහළ නැංවීමට සහ බදු ගෙවන්නන්ට කාර්යක්ෂම සේවාවක් දීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමේ අරමුණින් මෙම සංචාරය සංවිධානය කර තිබිණ.
ආදායම් බදු එකතු කිරීම සදහා දැනට භාවිතා කරන රමිස් ( RAMIS) පද්ධතිය සහ එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් එහිදී විමසීමක් කළ කාරක සභා සභාපතිවරයා පැවසූවේ මෙම පද්ධතිය යාවත්කාලීන කිරීම සමග කාර්ය මණ්ඩලයටද නිසි පහුණුවක් දීම අත්‍යවශ්‍ය බවයි. එසේම බැංකු පද්ධතිය, ශ්‍රී ලංකා රේගුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හා ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය යන ආයතන සමග දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කඩිනමින් ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාව මෙහිදී සභාපතිවරයා පෙන්වා දුන්නේය.
වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයන් සදහා බදු ලිපිගොනු විවෘත කිරීමට අදාළ දත්ත පද්ධතියක් නිසි පරිදි පවත්වාගෙන යාමේ අවශ්‍යතාවද මෙහිදී සාකච්ඡාවිය. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඉදිරියේදී කිරීමට නියමිත සංගණනයයේ තොරතුරු රැස් කිරීම සඳහා නිසි දත්ත පද්ධතියක් සකස් කරන ලෙස කාරක සභා සභාපතිවරයා උපදෙස් දුන්නේය.
පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ ලේකම් බුද්ධිකා අබේසිංහ මහත්මිය ඇතුළු නිලධාරීහු පිරිසක්ද මෙම සංචාරයට සහභාගී වූහ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
මැතිසබේ කට්ටියක් ආදායම් කන්තෝරුවේ විපරමක