(මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න)
මාතලේ බලකඩුව වැලිකන්ද ප්‍රදේශයේ අද(04) දින දහවල් සිදුවු විශාල පිපිරුම් ශබ්දය සම්බන්ධයෙන් පොලිසිය හා හමුදාව එක්ව විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිසිය කියයි.
ප්‍රදේශයේ පුද්ගලයකු විසින් තම වගා බිම ආරක්ෂා කිරිම සදහා රිලවුන් එලවිම සදහා අඟල් 8ක පමණ බටයක රතිඤ්ඤා කරල් දමා ඇති බවත් මේ නිසා අධික ශබ්දයක් පිටවු බවද එම පුද්ගලයා පවසා ඇති නමුත් ඊට වඩා විශාල ශබ්දයක් ඇති වූ නිසා මෙම මෙහෙයුම් ආරම්භ කර ඇත.
ප්‍රදේශයේ කඳු මුදුනක පිහිටා ඇති මෙම ප්‍රදේශයේ පිපිරුම් ශබ්දය උකුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ බෝවත්ත,වරකාමුර,කළල්පිටිය,බලකඩුව ආදි ගම්මාන රැසක ජනතාවට ඇසි ඇති අතර මේ නිසා ඔවුන් භීතියට පත්ව ඇත.
අදාළ පුද්ගලයාගෙන් මේ වනවිට පොලිසිය ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින අතර මාතලේ හා අලවතුගොඩ පොලිසි සහ යුද හමුදාව එක්ව තව දුරටත් සෝදිසි මෙහෙයුම් සිදු කරමින් සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා මුස්ලිම් ද කියලත් කියන්න.
රටේ පවතින තත්වය ගැන වගේ වගක් නැති මිනිසුන්ට කෙසේ හැසිරෙන්නද යන්න කියාදීමට සිදුවීමත් එක්තරා විහිළුවකි. මෙවන් කකුල් දෙකේ තිරිසන් මුසලයන්ට උපරිම දඩුවම් ලැබේවා !!!
මෙම ශබ්දය නගරයටත් ඇසුණා.
මෙය මහා ව්‍යසනයක් කිරීම සඳහා අත්හදා බැලීමක් වීමට ඉඩ ඇත.
රටේ පවතින තත්වය හමුවේ විහිලු කතා කියන මේ මිනිහ අත්අඩංගුවට අරන් උපරිම දඩුවම් දිය යුතුය. මිනිසුන් භිතියෙන් සිටින වකවානුවක මෙවන් දේ කෙරීම ගෙන
පරීක්ෂාවක්...
රංජිත්, එතුමා ඇමති හලීම්ගෙ ගෝලයෙක් වගේ.