(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අලි ඇතුන් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන ශ්‍රී ලංකාවට තායිලන්තයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු මුතුරාජා හස්තියා නිසියාකාරව බලා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළවිය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසූවේ මේ සිද්ධියෙන් ශ්‍රී ලංකාවට විශාල අපකීර්තියක් ඇතිවූ බවයි.
එසේම මෙම සිද්ධිය ශ්‍රී ලංකාවට විශාල ලජ්ජාවක් බව පැවසූ මාන්නප්පෙරුම මහතා මෙවැනි දේවල් වන්නේ නම් සංචාරකයන් මේ රට ගැන ඇතිකරගන්නා ආකල්පය කුමක්දැයි ප්‍රශ්න කළේය.
මේ සිද්ධිය ගැන පූර්ණ විමර්ශනයක් කළ යුතු බවද අජිත් මාන්නප්පෙරුම මහතා පෙන්වා දුන්නේය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ සහ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය දැව සංස්ථාවේ වාර්ෂික වාර්තා සලකා බැලීම සඳහා පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගිය (18) වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd