(යොහාන භාසුර)
මාතර බන්ධනාගාරයේ පැතිර යන උණ රෝග ලක්ෂණ පෙන්නුම් කළ තවත් රැඳවියන් 8 දෙනෙකු ඊයේ (23) රාත්‍රී රෝහල් ගත කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පුනුරුත්ථාපන) ගාමිණි බි. දිසානායක මහතා පැවසීය.
එම උණ රෝග වැළදුණු  රෝගින් 16 දෙනෙක් මාතර මහ රෝහලේ මේ වන විට නේවාසික ප්‍රතිකාර ලබන බවත් ඉන් දෙදෙනෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් කීය.