
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ත්‍රිරෝද රථයකින් රුපියල් ලක්ෂ 6 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පාතාල නායක දෙමටගොඩ චමින්ද ගේ ඥාති සොයුරියක් සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය කියයි.
පොලිසියට ලද තොරතුරක් අනුව මාළිගාවත්ත ලක් හිරු සෙවණ මහල් නිවස ඉදිරිපිට දී ත්‍රිරෝද රථය නවතා පරික්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත.
සැකකරු සහ සැකකාරීගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී දෙමටගොඩ චමින්ද නැමැත්තාට අයත් මත්ද්‍රව්‍ය බොරැල්ල ප්‍රදේශයට ගොස් රැගෙන ආ බවට ප්‍රකාශ කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය බොරැල්ල බේස්ලයින් මාවත පදිංචි වයස අවුරුදු 35-48 අතර පසුවන්නෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ජාතියේ අය තමයි ලංකාව විනාශ කරන්නේ...
ඔව් ඉතිං පත්තරවල පිංතූර දාල ලොකු ප්‍රචාරයක් දෙනව ඊට පස්සෙ වෙච්ච දෙයක් නෑ.